Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පුනරීක්ෂිත පුනරාවර්තනය

2009.12.31 වැනිදා බුදුසරණ පුවත්පතේ පළ කරන ලද Wes Nisker ගේ Revelations Revisited මැයින් වූ ලිපියේ පරිවර්තනයකි. මේ ලේඛකයා ගත්කතුවරයෙකි. භාවනා ගුරුවරයෙකි. ව්‍යාපෘති කළමනාකරුවෙකි.

බුදුන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද මාර්ගයෙහි, සිත තුළ උපදින අත්‍යන්තයෙන් දැඩිව ග්‍රහණය කර ගන්නා ලද කෙලෙස් වන්නේ තම තමන් අනෙක් අය සමග සසඳන්නට යත්න දැරීම යි. ඉදින් ඔබට එසේ සැසඳීමෙන් අත්මිදෙන්නට නොහැකි නම්, අඩු තරමින් ඔබගේ වර්තමාන තත්ත්වය අගය කරන්නට මෙහෙයැවෙන කිසියම් නිමිත්තක් හෝ අරමුණක් සිතා බලනු මැනවි. උදාහරණයක් ලෙස, ඔබ දුප්පත් සහ අවාසනාවන්ත වෙති යි ඔබට සිතේ නම්, වහා ම එසේ සිතීම නතර කොට ඔබ කොතරම් අතමිට සරුව සිටියේ ද හෝ ඔබට කොතරම් ධනවත් විය හැකිව තිබුණේ දැ යි සිතන්න.

‘ඉතිහාසය පුනරීක්ෂණය කරමින් නොසිටින්න. සනාතන ධර්මතාව හදාරන්න’ හෙන්රි ඩේවිඩ් තෝරේ. ‘දිව්‍ය පණිවිඩකරුවෝ (දේව දූතයෝ) ඉතිහාසයේ පිටු ඔස්සේ ඔබ මොබ සක්මනේ යෙදෙති. ඒ අතර ඔවුහු අභ්‍යවකාශයේ සිට සියල්ල අනිත්‍ය බව දක්වමින් වියපත්වීම හා මරණයට යටත් යැ යි ප්‍රකාශ කරති. පුද්ගලයන් පමණක් නොව සමස්ත ජීව සන්තතීහු ද අතුරුදන් යෙති. ශිෂ්ටාචාරයෝ ද දෘෂ්ටි හා මතවාදයෝ ද පැන නගිති. බිඳ වැටෙති. මහා කඳුවැටි හා පර්වත පන්තීහු ද තාවකාලික දර්ශනයක් පමණක් වන්නාහ. සූර්යයෝ පවා වියපත්ව අභාවයට යන්නෝ ය. මෙවන් සංක්‍රාන්ති යුගයන්හි අනිත්‍යතාව පිළිබඳ සත්‍යය අනාවරණය වෙමින් පවත්නේ ය.

සත්‍යය හෙවත් යථාර්ථය අනාවරණය වන විට ඒ පසුපස අපට දකින්නට ලැබෙන්නේ කුමක්ද? ඒ අනෙකක් නොව හැම අතින්ම ‘ධර්මතාව‘ විසින් අපට උගන්වනු ලබන පාඩම් ය. ඒ අතර අප අත්දකින මේ වර්තමානය ගෝලීය ආර්ථිකයේ මහා කලබැගෑනිය විසින් සුනුවිසුණු කරන්නට මාන බලනු පෙනේ. එක් අතකින් එහිදී අපට අනාගත අසිරිමත් සමෘද්ධියක් පිළිබඳ අලුත් අහඹු බලාපොරොත්තු විෂයයෙහි සිහින මැවී පෙනෙයි. ඒ එක්ක ම අනෙක් අතට අපට තෘප්තිමත්භාවයක් පිරිනැමෙති යි සිතෙන කෑදරකම, තරගය සහ ගුප්ත මුළාවක් පසුපස හඹා යන ලෝකයක් අත්දකින්නට හැකිව තිබේ. අවාසනාවකට මෙන් මේ අත්දැකීම් අප වෙත එළඹෙන්නේ දුක්ඛ දෝමනස්ස යන්තතියක් ද සමඟ යි.

මේ සියල්ල සම්භාව්‍ය රූපලාවණ්‍ය ආලේපයක් මෙන් සලකා හුදෙක් පෞද්ගලිකව අයිති කර ගන්නට යෑම නො මැනවි. එහිදී ඔබේ මුල්‍ය අහිංසකත්වය හෙවත් ආර්ථික අවලංගුභාවය ඔබව ඒත්තු ගන්වන්නට එහි සුළු අඩුපාඩුවක් හෝ ඥානාන්විත පිළියමක් උපකාර වනු ඇත. කෙසේ වෙතත් මේ වර්තමාන ආර්ථික අර්බුදය විෂයයෙහි ඔබේ නම් වරදක් නැත. සමස්ත ලෝකය ම මුල්‍ය උත්පාදන උමතුවෙන් ද ධනවත් වීමට ඇති හැකියාවෙන් ද, ධනවත්වීම ද විසින් ග්‍රහණය කර ගනු ලැබ ඇත.

ඒ අතර අප අතරින් ටික දෙනෙකුට එක්තරා අහිතකර අරමුණක් තිබිණ. එනම් තමන්ගේ මුදල් වෙළඳපොළට දැමීම හෝ වැඩි ලාබ ලබන්නට වතුපිටි සඳහා යොදන්නට හෝ වෙනත් ඇතැම් ධන නිෂ්පාදන යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීම යි. අන්තිමට සියල්ල බිඳ වැටෙන මොහොත එළඹෙන විට සිදුවූයේ කුමක් ද දැයි දැන ගන්නට වටපිට බලද්දී හඳුනා ගන්නට ලැබෙන්නේ තමන් වගකීමෙන් තොර ව්‍යාපාරයක නිරත වී ඇති බව සහ දිගින් දිගට ම ඒකාධිකාරී සුදුවක නිරතව සිටි බවකි.

තිරයෙන් පිටුපස සිදුවී ඇත්තේ කුමක් දැ යි විමසන විට පෙනෙන්නේ අපේ ජීවිත අප සිතනවාට වඩා අඟුටු මිට්ටන් වී ඇති බව යි. මහ සයුර මැද අතරමං වුණු මසුන් රෑනක් මෙන් අපිත් පුරුදු පරිදි ඉතිහාසය විසින් අප මෙහෙයවන්නේ කෙසේ දැ යි නිනවූවකින් තොරව ගමනේ යෙදෙමු. චාලි වැප්ලින්ගේ ඉබාගාතේ යමින් නිරූපිත විකට පොකුරු චරිත මෙන් අපි අපේ සමකාලීන නාටකයේ පාත්‍රවර්ගයා වී සිටිමු. අලුත් රත්රන් ඉල්ලම් හෝ නව යුගයේ බහ යාන්ත්‍රණය පිළිබඳ උමතුවට ගොදුරුව සහ කෙසේ හෝ මේ සුවිශේෂ මොහොතේ, ආර්ථික විද්‍යාඥයන්ගේ අනුමිතිය සහ අවධමනය පිළිබඳ සාකච්ඡා මඟින් මුළු ලෝකය බියෙන් හා සැකයෙන් ගල්ගැසී ගොස් ඇත.

යථාර්ථය අනාවරණය වෙමින් පවතින මේ වකවානුව තුළ ක්‍රියාත්මක වීමේදී අපට සහනයක් සැලසිය හැකි වෙනත් අනුමිතියක් ඇත.

බුදුන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද මාර්ගයෙහි, සිත තුළ උපදින අත්‍යන්තයෙන් දැඩිව ග්‍රහණය කර ගන්නා ලද කෙලෙස් වන්නේ තම තමන් අනෙක් අය සමග සසඳන්නට යත්න දැරීම යි. ඉදින් ඔබට එසේ සැසඳීමෙන් අත්මිදෙන්නට නොහැකි නම්, අඩු තරමින් ඔබගේ වර්තමාන තත්ත්වය අගය කරන්නට මෙහෙයැවෙන කිසියම් නිමිත්තක් හෝ අරමුණක් සිතා බලනු මැනවි. උදාහරණයක් ලෙස, ඔබ දුප්පත් සහ අවාසනාවන්ත වෙති යි ඔබට සිතේ නම්, වහා ම එසේ සිතීම නතර කොට ඔබ කෙතරම් අතමිට සරුව සිටියේ ද හෝ ඔබට කෙතරම් ධනවත් විය හැකිව තිබුණේ දැ යි සිතන්න. නැතහොත් මෙතෙක් ලො ව ජීවත්ව සිටි මිනිසුන් සමඟ තමා සසඳනු මැනවි. අහෝ, පුදුමයකි. හණික ඔබ ඔවුනට වඩා බෙහෙවින් පොහොසත් බව දැනෙනු ඇත. සැබවින් ම වේදනානාශක, ප්‍රතිජීවක, වෙළුම්පටි ආදියෙන් තොර යුගයක් තුළ වේදනාවෙන් මිරිකුණු ඔබේ මුතුන් මිත්තන් ගැන මොහොතක් සිතන්න. හුදෙක් පරම්පරා දෙක තුනකට පෙර පවා, ඔබේ නැසියන්ගෙන් බහුතරයක් අසරණ ගොවියන් වූ බව මෙනෙහි කරන්නට යත්න දරන්න. එසේ ම අද ඔබ කෑම මේසයට වාඩි වී කිසියම් ආහාරයක් ගන්නේ නම් ද, ඔබේ හිසට සෙවණක් ඇත්තේ නම් ද ඔබේ ගොවිපළේ සතුන්ගෙන් වෙන්ව සැතපෙන්නට නිදන කාමරයක් තිබේ නම් ද ඔබට තෘප්තිමත් වන්නට සෑහෙන හේතු ඇත්තේ නොවේ ද?

තවදුරටත් විමසිලිමත් වන විට වැඩිමනත් තොරතුරු අත්දකින්නට ලැබෙයි. මට පෙනෙන හැටියට නම් වර්තමාන ආර්ථික අර්බුදය නියත විසින්ම අපේ දිවි පෙවෙතට දරාගත නොහැක්කක් බව පැහැදිලිව තේරුම් ගත යුතු සහ එබැවින් එය නිවැරදි කර ගත යුතුද වෙයි. මානව ආර්ථික ක්‍රමය සහ ග්‍රහ පරිසර විද්‍යාව මේ වනවිට දිගු කලක් පුරා ගැටුම් පිළිබඳ පාඨමාලාවක් බවට පත්ව ඇත. එහි විපාකය ලෙස අන්තිමට ආර්ථික ක්‍රමය පොට වරද්දා ගැනීමක් අරඹා ඇති බවක් පෙනේ. ඇතැම් විට එය සතුටට කරුණකි. ඇයි ද යත්, වැරදි ඇති බව තේරුම් ගන්නට හැකි වන හෙයිනි.

එබැවින් ම මෙය නම් සන්තාපයකි. අඳෙීනාවකි. වේදනාවකි. දුකකි. බලාපොරොත්තු සුන්වීමකි. ඇතැම් විට කෙනෙකුට සිය නිජබිම ද අහිමිව ඇත. මානවයාට ඔහුගේ ධනය, වෘත්තිය, ආරක්ෂාව සමඟ සිහින පවා ඔහු වෙතින් ගිලිහි ගොස් ඇත. එහෙත් ඇතැම් විට මේ ආර්ථික බිඳවැටීම ඔස්සේ අද ලොව පුරා එක්තරා ආකාරයක පී‍්‍රති උන්මාදයක් ද දෝර ගලා ගොස් ඇත. ඉදින් ඔබ සාවදානව නිශ්ශබ්ද වුවහොත්, ඒ උමතු ජයඝෝෂාව ඇසෙන්නට පුළුවන. ඇහුම්කන් දෙන්න. යෝධ වානරයෝ යටිගිරියෙන් හඬතලමින් දුකින් පපුවට ගසා ගනිති. කක්කල් කැහි හඬ නඟන කොක්කු පියඹා යති. පෙළ ගැසුණු සිංහයෝත්, කොටියෝත්, වලස්සුත් වනය පුරා විනෝද සවාරියක් යති. ඒ අතර හිවලෙක් සැණකෙළියක් නරඹන්නට නගරය කරා අදෙමින් සිටි.

ඔබ වඩාත් ළං වී ඇහුම්කන් දෙතොත් මුළු මහත් ශාඛ රාජධානිය සැනසුම් සුසුමක් හෙළනු අසන්නට හැකි ය. වෙනත් ජීවී වර්ගයන්ගෙන් වැඩිතමයක් මිනිසා විසින් ගොඩනඟන ලද, ලෝක ව්‍යාප්ත, තාක්ෂණ - කාර්මික හා සංවර්ධිත සහ ප්‍රසාරිත ආර්ථික ක්‍රමය අඩපණ වන්නට පටන් ගෙන තිබීම ගැන බෙහෙවින් සතුටු වන්නට පුළුවන. අනෙක් අතට වෙනත් ජීවී වර්ගයකට එය ජීවිතය හා මරණයත් අතර පලහිලවුවක් වන්නේ්ය.

වර්තමාන ව්‍යසනයේ අඳීනාව තුළ උපරිතමයෙන් මා කම්පනයට පත් කරන්නේ, අප දැන් දිවි ගෙවමින් සිටින්නේ ජෛව ඉතිහාසයේ හතරවැනි හෝ පස් වැනි දරුණු හා විශාලතම ‘වඳවී යෑමේ තර්ජනය’ මුවවිට ආසන්නයේ බව සිහිපත් වීමෙනි. ජිවී වර්ග වඳ වී යෑමට ලක්ව සිටින්නේ ආසන්න විසින් සම්මත ශීඝ්‍රතාව මෙන් එක්දහස් (1000) ගුණයකි. මේ ගැටුමේ බලපෑම ඩයිනෝසර සංහතිය මිහිතලයෙන් සහමුලින්ම පිස හරින උල්කාපාතයක ගැටීමට සමාන ය. මේ මහා ව්‍යසනය පිළිබඳ වෙරද පැටවිය යුත්තේ මානව සංහතිය මත ය. මේ වන විට දසක ගණනාවක් තිස්සේ අප විසින් ජෛව ගෝලය වෙත එල්ල කර ඇති දරුණු හානිය පැහැදිලි ය.

එබැවින් අවසන් ලෙසින් අප අපේ ජීවන ශෛලියෙහි මාරුවක් කළ යුතු බව තේරුම් ගත යුතු ය. එහෙත් අප විසින් ආදරයෙන් වළඳ ගෙන රැක බලා ගන්නා ලද සොම්නස සහ සුව පහසුකම් අත්හැර දැමීම පහසුකාරියක් නොවේ. කෙසේ හෝ ඒ සියලු සුඛෝපභෝගි සහ පාරිභෝගික සම්පත් අපේ අනිවාර්ය අවශ්‍යතා බවට පත්ව ඇත. 1970 ගණන්වලදී ‘’ස්වේච්ඡා අල්පේච්ඡතා” ව්‍යාපාරයක් පිළිබඳ මතකය ඔබගෙන් ඇතැමකුට මතක ඇතැ යි සිතමී. අඳෙමැ යි! අවාසනාවකට මෙන් ප්‍රමාණවත් පිරිසක් ස්වෙච්ඡතා හෝ අල්පේච්ඡතා වූයේ නැත. දැන් අපට එක්තරා කාල සීමාවකට අනිවාර්ය අල්පේච්ඡතාවක් වෙත යන්නට සිදුව තිබේ. සොබාදහම උගස් ණය බේරා ගැනීමේ අයිතිය අහිමි කරගෙන ඇත.

මානව වර්ගයා ලබාගෙන ඇති ජයග්‍රහණයන්ගේ ප්‍රමාණය වනාහි අපේ අවශ්‍යතා හා බලාපොරොත්තු ඉටුකර ගන්නට ජීවගෝලය (ජීවලෝකය) යොදා ගන්නට කෙතරම් දුරට නැඹුරුව තිබේ ද යන්න මත රඳා පවතී. එනම් ගෙවී ගිය අනාමදිමත් යුගයන්හි සිට පවා මහා කඳු සමතලා කිරීම, ගංගා , ඇල, දොළ ගලා යන මාර්ග වෙනස්කිරීම, සූර්ය ශක්තිය යොදා ගැනීම ආදිය යි. සොබා දහමින් ආරක්ෂාවීම පිණිස මානව ඉතිහාසයෙන් වැඩිතම කොටස වැය කරන්නට මානවයා තදියම් වී සිටීම කෙතරම් ව්‍යාජෝක්තික ද? එහෙත් අනෙක් අතට දැන් අපි අපෙන් ම සොබාදහම ආරක්ෂා කර ගන්නට බෙරිහන් දෙමින් සිටිමු. මානවයාත් සොබාදහමත් යනු දෙකක් නොව එකක් ම වන බව අපට අමතක කළ නොහැකි ය. අප එය අමතක නොකළ යුතුව ද ඇත. එසේ නම් කවර ආකාරයෙන් හෝ මේ රංගනයේ අධ්‍යක්ෂවරයා කවරෙක් ද?

මිනිසාගේ විශිෂ්ට බුද්ධිමත් භාවය ගැන නොතකා හැර සියලු මානව ක්‍රියාකාරකම් පැහැදිලි ලෙස ම මිහිමත මාරක වසංගතයක් බවට පත්ව ඇත. එය ම අපේ ජීවන මාර්ගය බවට පත්ව තිබේ. අපි බොහෝ සෙයින් ඒ අරගලය තුළ ම ජීවත් වන්නට සටන් වැද සිටිමු. දැන් එහි සීමාව ද ඉක්මවා ගොස් තිබේ. සැබවින් ම එළඹ ඇත්තේ බයිබලයේ පරණ ගිවිසුමේ සඳහන් ‘සත් අවුරුදු සාගතය’ පිළිබඳ මොහොතක වන්නා සේ පෙනේ. එය එදා භූමියේ පස සරුසාර වන්නට “ධර්මතාව‘’ විසින් ලබා දෙන ලද කදිම විරාමයකි යි පැරණියෝ කියති.

ඒ අනුව වර්තමාන ආර්ථික පසුබෑම ආශිර්වාදයක් ලෙස සලකා බලන්නට උත්සාහ කරමු. සැබවින් ම මෙය නම්, ලෝක ජනතාවට සිය යන්ත්‍රසූත්‍ර පණ ගන්වන්නටත්, මිනිසාට මිහිතලය මත ජීවත් වන්නට ඇති සාධාරණ අයිතිය පුනපුනා අගයන්නටත් කැප කළ යුතු මොහොතකි. හැම දෙයක් විෂයයෙහි පරිභෝජනය අපේ යහපතට අදාළ වන පරිදි අලේප්ච්ඡ වූ කල්හි අපට නිරායාසයෙන් ම එය පරිත්‍යාගයක් හෝ කැපවීමක් ලෙස සිතා සතුටු වන්නට පුළුවන. එබැවින් මෙය නම් බෝධිසත්වවරුන් සඳහා වූ විශිෂ්ට යුගයකි.

කවර ආකාරයක හෝ ආර්ථික හානියක් හෝ කරදරයක් විඳින්නට සිදුවුවත්, එය ඔබේ ජීවන ගමනට පරිත්‍යාගයක් සේ සැලකීම මැනවි. ඔබේ සමෘද්ධියට යම් පමණක සෘණාත්මක බලපෑමක් ඇති වුවහොත්, එය කැලිෆෝනියාවේ රතුපාට මැඬියන් ධ්‍රැව වලසුන්, කොරල්පර, වාතය සහ ජලය ආරක්ෂාව පිණිස ත්‍යාගශීලී දායකත්වයක් ලෙස සිතනු මැනවි. අපි මිහිතලයේ සම්පත් වලින් පමණ ඉක්මවා ණයට ගන්නවුන් බවට පත්ව සිටිමු.

ඒ ණය දඩ පොලියත් සමඟ අය කර ගන්නට බැරි වූ විට තාවකාලික සමාව වන්නේ අප සොබාදහම් මාතාව විසින් ඇප පිට මුදා හැරීම යි.

ඒ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුවට ඉදිරිපත් කරන්නට ප්‍රායෝගික යෝජනා කීපයක් ඇත.

එනම් යළි යළිත් ආර්ථික තරගය තීව්‍ර කරන්නට පොර බදනවාට වඩා නව සදාචාරාත්මක ශික්ෂණයක් සහ අල්පේච්ඡ සන්තුෂ්ටිදායක ජීවන ක්‍රමයක් හඳුන්වා දෙන්නට සැලසුම් කිරීම යි.

ඇමරිකානු ආණ්ඩුව එදා රුස්වේල්ට් ජනාධිපති යුගයේ සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ නව සැලසුම් ක්‍රමයට සමාන මහජන කාර්යසාධක ව්‍යාපෘති ගැන සාකච්ඡා කරමින් සිටී. එහෙත් රුස්වෙල්ට්ගේ යල් පීනූ ක්‍රමය නොව නූතන සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ නව සැලසුමක් මම යෝජනා කරමි. ඒ අතර භාවනා හා රෝග නිවාරණ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවක් පිහිටැවුවහොත් නොමැනව් ද? අනතුරුව එමඟින් රටපුරා අධි සක්‍රීය ඇමරිකානු කම්කරුවනට අඩු ලාභ ලබන සමාජයක හවුල්කරුවන් බවට පත්විය හැකි වන සේ පුහුණුවක් ලැබෙන මධ්‍යස්ථාන පිහිටුවීම මැනවි’. එහිදී ශ්‍රමිකයනට සිය මහන්සියෙන් වැඩ කළ හැකි පැය ගණනට අනුව ගෙවීම් කළ හැකි වනු ඇත. එවිට සියලු දෙනාට ම ‘ඇති ඇති දැන් අපට ඇති තරම් භාණ්ඩ ඇතැ’ යි යන මන්ත්‍රය ජප කළ හැකි ය.

එවිට ඊජිප්තුවනට, ඉන්දියානුවනට හෝ මෙක්සකානුවනට ආපස්සට අදින සාම හමුදාවන්ගේ පෙරමුණ ගන්නට ඉල්ලා සිටීමට හැකිවනු ඇත. එසේම ස්වේච්ඡා සේවකයන් ලෙස වඩාත් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන හැටි උගන්වා ගන්නටත් හැකි ය. එපමණක් නොව මස් අඩුවෙන් රසයත් කෑම වේලක් පිළියෙල කර ගන්නා හැටිත් ගලේ ගසා අපේ රෙදි අපුල්ලා ගන්නා ආකාරය සහ වඩාත් වැදගත් ලෙස දිවා කල්හි නින්දක් ලබා ගන්නේ කවර විට, කෙසේ ද යනුත් උගත හැකි ය.

ඒ අතර දාර්ශනිකයන්, මානව විද්‍යාඥයින්, ඉතිහාසඥයන් ගුප්ත විද්‍යාඥයන් සහ විකට ශිල්පීන් කීප දෙනෙකුගෙන්ද සැදුණු බුද්ධිමතුන්ගේ දෙපාර්තමේන්තුවක් නවයුගයේ නියෝජනයක් විය හැකි ය. එවිට ජනතාවට දකින්නට ලැබෙන්නේ ආර්ථික විද්‍යාඥයන් හමුදා ජනරාල්වරුන් සහ සෙනේට් මන්ත්‍රීවරුන්ගෙන් තොර ලෝකයක් වන්නට පුළුවන. එවිට බලයේ අව්‍යාජ සමබරතාවක් ඇති වන සේ මොළයේ දකුණු පසින් සිතන සහ එයට තරගකාරී ලෙස වම්පසින් ක්‍රියා කරවන ආණ්ඩුවක් දකින්නට හැකිවනු ඇත.

අවසන් වශයෙන් එළිදරව් කළ යුත්තක් ඇත. එනම් පවත්නා ප්‍රවණතාව පිළිබඳ පුනපුනා සලකා බලනු පිණිස භාවනාවේ නිරත වීමට අප උදෙසා පනවන ලද ආසනයක් සූදානමින් තිබෙන බවයි. එහිදී අපට ‘ධර්මය’ හමුවනු ඇත. එතුළ අනිත්‍ය වූ සියලු බාහිර දුක් කරදර හෝ ආපදාවනට පිළියමක් ලැබෙනු හැකිය. එවිට අපට අප මෙතෙක් අත්නුදුටු වෛකල්පිත සන්සිඳීමක් ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් ලැබෙනු නියත ය. ඉක්බිති අපට නිදහසේ හුස්ම හෙළන්නට පුළුවන් වනු ඇත. අපට නැවතත් අපේ ජීවිතය පිළිබඳ ගැඹුරු අබිරහසක් අත්දකිනු හැකිය. එය සමස්ත මානව සංහතියේ ම ජීවිතය සමඟ බැඳුණක් වන්නට පුළුවන. එහිදී අපි ‘මේ මොහොතේ’ පරිපූර්ණත්වය අත්දකිමු. ඇතැම් විට අඩු තරමින් නිරවුල්, තැන්පත් මනසේ සන්තුෂ්ටිය සාක්ෂාත්වනු ඇත.

අවසන් වශයෙන් එළිදරව් කළ යුත්තක් ඇත. එනම් පවත්නා ප්‍රවණතාව පිළිබඳව පුනපුනා සලකා බලනු පිණිස භාවනාවේ නිරත වීමට අප උදෙසා පනවන ලද ආසනයක් සූදානමින් තිබෙන බවයි. එහිදී අපට ‘ධර්මය’ හමුවනු ඇත. එතුළ අනිත්‍ය වූ සියලු බාහිර දුක් කරදර හෝ ආපදාවනට පිළියමක් ලැබෙනු හැකි ය. එවිට අපට අප මෙතෙක් අත්නුදුටු වෛකල්පිත සන්සිඳීමක් ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් ලැබෙනු නියත ය. ඉක්බිති අපට නිදහසේ හුස්ම හෙළන්නට පුළුවන් වනු ඇත. අපට නැවතත් අපේ ජීවිතය පිළිබඳ ගැඹුරු අබිරහසක් අත්දකිනු හැකිය. එය සමස්ත මානව සංහතියේ ම ජීවිතය සමඟ බැඳුණක් වන්නට පුළුවන. එහිදි අපි ‘මේ මොහොතේ’ පරිපූර්ණත්වය අත්දකිමු. ඇතැම් විට අඩුුතරමින් නිරවුල්, තැන්පත් මනසේ සන්තුෂ්ටිය සාක්ෂාත් වනු ඇත. ලෝකය අපට කුමක් ඉදිරිපත් කළත්, එහිදී අපට විශ්‍රාමයෙහි ලැගුම් ගන්නට හැකිය.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.