Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කෝට්ටේ, පිටකෝට්ටේ එපිටමුල්ල පාර අංක 147 පදිංචි 59 වියැති ඩබ්. දිසානායක මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, ඕ නෙගටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ ලේ ඇති වකුගඩුවක් බද්ධ කළයුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. මෙම රෝගියා සුවපත් කර ගැනීම සඳහා ඕ නෙගටිව් හෝ ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියකු වෙත්නම් ඉහත ලිපිනයට හෝ 071 – 7871076 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඔහුගේ භාර්යාව වන කේ.ඒ.කේ.එම්.දිසානායක මහත්මිය ඉල්ලීමක් කරන්නීය.


උඩවෙල දන්තුරේ අංක 250 ලිපිනයේ පදිංචි සිත්ති ෆරීඩා (34) නමැති අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් කඩිනමින් බද්ධ කළ යුතු බවට මහනුවර වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඒ. ඩබ්ලිව්. එම්.වසීල් මහතා නිර්දේශ කර ඇත.


දෙදරු මවක වන ඇයගේ සැමියාටද ස්ථිර රැකියාවක් නොමැති බව කියයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති භික්ෂූන් වහන්සේ නමක වේනම් 0779640854, 0770677204 දුරකතන අංකවලට අමතන ලෙසත් මුදල් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු වේනම් මහනුවර ලංකා බැංකුවේ දෙවන නගර ශාඛාවේ 5797428 ගිණුම් අංකයට මුදල් බැරකරන ලෙසත් ඇය ඉල්ලා සිටියි.


උඩහමුල්ල,තලපත්පිටිය පාර අංක 20/4 පදිංචි 28 වියැති කේ.පී.තනුජ දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඕ පොසිටිව්, ඕ නෙගටිව්, බී නෙගටිව් ලේ වර්ග ඇති වකුගඩුවක් බද්ධ කළයුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. මෙම රෝගියා සුවපත් කර ගැනීම සඳහා ඕ පොසිටිව්, ඕ නෙගටිව්, බී පොසිටිව්, බී නෙගටිව් ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියකු වෙත්නම් ඉහත ලිපිනයට හෝ 011-2834666, 071- 2011034 දුරකථන අංකයකට දැනුම් දෙන ලෙස තනුජගේ පියා ඉල්ලා සිටී.


ගණේමුල්ල, සූරියපාළුව අංක 210/බී/3 ලිපිනයේ පදිංචි (අවු 49) එම්.කේ වර්ණන් රොනල්ඩ් රොඩ්රිඟු නමැති අය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන අතර, වෛද්‍ය වාර්තා අනුව ඔහුට තෙමසක් තුළ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය නිගමනය වේ. ශල්‍ය කර්මය සඳහා විශාල මුදලක් වැයවන බැවින්, මෙම රෝගියා සුවපත් කර ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා කඩවත ලංකා බැංකු ශාඛාවේ අංක 4177207 ගිනුමක් ද, කඩවත ජාතික ඉතිරි කිරීමේ බැංකු ගිණුමේ 1-0075-03-1880-9 දරන ගිණුමක් ආරම්භ කර ඇති බව එම්.කේ.වර්ණන් රොනල්ඩ් රොඩ්රිගු මහතාගේ භාර්යාව දන්වා සිටී. වැඩි විස්තර 033 3333852, 071-3586489 දුරකථන අංකවලින් ලබාගත හැකි බවද කියයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.