Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ග්‍රන්ථ දෙකක් දොරට වඩී

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 7 සහ 8 “ බෞද්ධ ග්‍රන්ථ ද්විත්වය මෙම මස 20 වැනි සෙනසුරාදා උදේ 10.00 ට කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී පැවැත්වෙන භාවනා වැඩසටහනේ දී දොරට වඩී.

දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 7” ග්‍රන්ථයෙන් “අරහන්ත වර්ගය” ට අයත් ගාථා දහයක් පිළිබඳව විස්තර කෙරෙන අතර “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 8” ග්‍රන්ථයෙන් “සහස්ස වර්ගය” ට අයත් ගාථා දහසයක් පිළිබඳ සරල තේරුමත් ගාථා දේශනා කිරීමට හේතු වූ පසුබිම් කතාවත් විස්තර කෙරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.