Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බළන්ගොඩ මහ නා හිමි සමරු රචනා තරගයක්

2010 වසරට යෙදෙන අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත, බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ 114 වන ජන්ම දින සැමරුම නිමිත්තෙන් දීප ව්‍යාප්ත රචනා තරගයක් පැවැත්වීමට ‘ආධ්‍යාත්මික මිතුරෝ’ සංවිධානය සූදානම් වේ. ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ විශිෂ්ට ආධ්‍යාත්මික ජීවිතය පිළිබඳ අනාගත පරපුර දැනුම්වත් කිරීමේ අරමුණින් පැවැත්වෙන එය විවෘත රචනා තරගයකි. සියලු රචනා ‘මා දකින බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි’ මැයෙන් පූල්ස්කැප් පිටු පහකට නොඅඩු, ප්‍රශස්ත මට්ටමේ ශාස්ත්‍රීය ලිපි විය යුතු ය. මෙයින් තෝරා ගන්නා රචනා සඳහා 2010 ආනන්ද මෛත්‍රෙය මහනාහිමි ජන්ම දින සමරු උළෙලේදී විශේෂ ත්‍යාග පිරිනැමෙන අතර ‘ආධ්‍යාත්මික මිතුරෝ’ සංවිධානයේ සංස්කාරකත්වයෙන් සමරු ග්‍රන්ථයක් වශයෙන් එළිදැක්වීමටද නියමිතය. කරගොඩ උයන්ගොඩ මෛත්‍රීය මූර්ති මහනාහිමියන් සභාපතිත්වය දරන එහි විනිශ්චය මණ්ඩලය සඳහා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී අමර හේවාමද්දුම, ප්‍රවීණ ලේඛිකා සුනේත්‍ර රාජකරුණානායක, ප්‍රවීණ කිවිවර බුද්ධදාස ගලප්පත්ති, මාධ්‍යවේදී සමුද්‍ර වෙත්තසිංහ ඇතුළත් වෙති. සියලුම රචනා 2010 අප්‍රේල් 31 වැනිදාට පෙර ලේකම්, ආධ්‍යාත්මික මිතුරෝ, විජයමංගලාරාමය, කොහුවල, නුගේගොඩ යන ලිපිනයට ලැබෙන්නට සැලැස්විය යුතු බව කියයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.