Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අත්තිඩියේ ධර්ම ශ්‍රී නා හිමි ගුණ සමරු පින්කම

ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන සංඝනායක සිරි පැරකුම්බා පිරිවෙන් විහාරාධිපතිව වැඩවිසූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ වත්තපටිපාදක ධූරය ඉසිලූ අත්තිඩියේ ධර්මශ්‍රී නායක ස්වාමීන් වහන්සේගේ තෙමස් පූර්ණ පින්කම මාර්තු මස 18, 19 දිනවල කොටුබැම්ම පාරේ ධර්මාශ්‍රම විහාරස්ථානයේදී ද, 20, 21 ඇතුල්කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ දී ද සිදු කෙරේ.

18 දා රාත්‍රී 7 ට ආලෝක පූජාවක් හා අටවිසි බුද්ධ පූජාවකි. රාත්‍රී 07.30 ට මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාවක් හා 19 දා දවල් සඟසතු දානමය පින්කමක් පවත්වා ධර්මශ්‍රී නාහිමිපාණන්ට පින් පමුණුවනු ලැබේ. 20 දා රාත්‍රී 07.30 ට ඉත්තෑපන ධම්මාලංකාර අනුනායක ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාව හා පසුදා ශතාධික මහා සංඝගත දක්‍ෂිණාවක් සිරිපැරකුම්බා පිරිවෙන් දී පැවැත්වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.