Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විදුලකර නා හිමියන්ට ආසිරි

			ගරුතර අපේ නාහිමියන් විදුලක 	ර
හැත්තෑහතර වසරක් ලැබුවා මෙව ර
නාහිමි කුසලදම් ලොව දස දෙස පව ර
සැරදේ දිගුකලක් පතනෙමු අපි අත ර

මෙතුවක් කලක් කළ සේවා නිමක් නැ ත
නාහිමියන් ගෙ නම දසදෙස පැතිර ඇ ත
මෙරටට සේම මුළුලොවටම සදනසෙ ත
වැජඹේවා සමිඳු සදමින් තවත් සෙ ත

සඟ පරපුරට රටටම සලසන සේ වා
විදුලකරෙන් තවත් දිගුකල් විහිදේ වා
බොදුදන සිත්සතන්වල පවතී මේ වා
නාහිමි අප අතර දිගුකල් සැරදේ වා

නැතිබැරි ගම් දනව් නැගුමට වැඩකර න
නිරතුරු දහම් දෙසමින් රට සැරිසර න
නාහිමියන් අපේ හැමදන හිතදින න
දිගුකල් දිනේවා පතනෙමි බැති සිති න

යුක්තිය දෙස බලා නිති ඒ ගැන කිය න
නොබියව වැරැදි පෙන්නා දෙන හොඳ සිති න
නාහිමි කුසලදම් ලොවටම වැඩසද න
දිගුකල් දිනේවා තෙරුවන් පිහිට ගෙ න

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.