Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පැවැති දොළොස් මහේ පිරිත් දේශනාව ඉකුත් දා සමාප්ත කැරිණි. අනතුරුව එහිදී පැවැති දානමය පින්කමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වූ අයුරු....

පෑලියගොඩ විද්‍යාලංකාර උපාසිකා සමිතියේ සාමාජිකාවෝ තුන්සියයක් පමණ බුත්තල යුදඟනාව චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සිය ශ්‍රම දායකත්වය ලබාදෙමින් පසුගියදා මහා ශ්‍රම පූජාවකට සහභාගි වූහ. සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන් ඇතුළු පිරිසක් එම ශ්‍රම පූජාවට එක්ව සිටි අවස්ථාව.

සමෘද්ධි අධිකාරියේ සමාජ සංවර්ධන අංශය මගින් ක්‍රියාත්මක වන විහාරස්ථාන දියුණු කිරීමේ වැඩසටහන් යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආගමික සිද්ධස්ථාන වැඩිදියුණු කිරීමේ වැඩසටහනට සමගාමීව ජා ඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආගමික සිද්ධස්ථාන 73 ක් සංවර්ධනය සඳහා චෙක්පත් ප්‍රදානය සඳහා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා උත්සවයක් පැවැත්විණි. එහිදී එක් විහාරස්ථානයක් සඳහා රුපියල් පනස් දහස (50 000 ) බැගින් බෞද්ධ සිදධස්ථාන 30 කට සහ කිතුණු පල්ලි 43 ක් සඳහා රුපියල් 50000 ක් බැගින් සියලු සිද්ධස්ථාන සඳහා රුපියල් තිස් හය ලක්ෂ පනස් දහසක් (36,50,000 ) වටිනා චෙක්පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. එම අවස්ථාවට වල්පොළ , ඉහළගම, ශ්‍රී විමල රත්නාරාමාධිපති කළුගල සෝරත නාහිමි, ජා ඇළ වික්ෂෝප දේවමාතා දෙව්මැදුරේ සාගර හෙට්ටිආරච්චි පියතුමා ඇතුළු ආගමික නායකයන් රැසක් සහභාගි වූ අතර, ජා ඇළ ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත අබේවික්‍රම මහතා සහ ජා ඇළ ප්‍රාදේශීය ලේකම් ඩබිලිව්. ඒ.විජිත පේමපි‍්‍රය මහතා ඇතුළු සමෘද්ධි නිලධාරිහු ද සහභාගි වූහ. අමාත්‍යවරයා එහිදි ස්වාමීන් වහන්සේ නමක් වෙත ආධාර ප්‍රදානය සිදු කළ අවස්ථාව.

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.