Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය - 2010

ශ්‍යමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය 2010 ජුනි මස 16, 17, 18, 19 යන දිනයන්හි කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී පැවැත්වේ.

මෙවර උපසම්පදාව සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන එම සංඝ සභාවට අයත් ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අදාළ ඉල්ලුම් පත් සම්පූර්ණ කර 2010 මැයි මස 01 වන දිනට පෙර උපසම්පදා ලේඛකාධිකාරීන් වහන්සේ වෙත ලැබෙන්නට සැලැස්විය යුතු බව ශාසනාලයෙන් යුතුව දන්වා සිටින බවද නියමිත දිනට පසුව ලැබෙන ඉල්ලුම්පත් පාර්ශ්ව භේදයකින් තොරව ගෙන අවසාන දිනයේදී උපසම්පදාව සඳහා යොමු කරනු ලබන බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ නිවේදනය කරති. නියමිත ඉල්ලුම්පත් උපසම්පදා ලේඛකාධිකාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේ, බෝධි රාජමහා විහාරය, තල්පිටිය, වාද්දුව යන ලිපිනයෙන් හෝ ඒ ඒ පාර්ශ්වයන්හි ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් ලබාගත හැකි බව ආචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ නිවේදනය කරති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.