Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇතාගලට විදුලි ආලෝකය

කුරුණෑගල ඇතාගල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට සන්ධ්‍යාවේදී මෙන්ම රාත්‍රි කාලයේදී වනගහනයෙන් පිරි කි.මී.2 ක පමණ ගිරි දුර්ගය තරණය කිරීම ඉතා අපහසුව තිබිණි. ඇතුගල බුදුරුව සංවර්ධන සමිතියෙන් කරන ලද ආරාධනයෙන් එම ගැටලුවට පිළියමක් යෙදීමට ජාතිය ගොඩනැගීම හා වතු යටිතල පහසුකම් අමාත්‍යංශය ඉදිරිපත් විය. ජාතික සවිය හා ගම නැගුම ඔස්සේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංකල්පනාවක් අනුව ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍යංශය මඟින් කුරුණෑගල කච්චේරිය අසල සිට බුද්ධ ප්‍රතිමා වහන්සේ පිහිටි ඇතුගල කන්ද මුදුන දක්වා කි.මී.2 ක පමණ දුරක් දක්වා වන රක්‍ෂිතය මැදින් විහිදෙන මාවත විදුලි ආලෝකයෙන් ආලෝකවත් කිරීමේ පුණ්‍ය කර්මයට දායක විය. ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය සාලින්ද දිසානායක හා සෞඛ්‍ය ප්‍රවර්ධන හා රෝග නිවාරණ අමාත්‍ය ජයරත්න හේරත් ඇමැතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් 2010 පෙබරවාරි 28 වැනි දින පස්වරු 5 ට ඇතුගල බුදුරුව පරිශ්‍රයේදී විදුලි ආලෝකය විවෘත කිරීමේ උත්සවය පැවැත්වේ. ආනන්ද විජේතිලක ඇතුගල බුදුරුව

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.