Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විමුක්ති ආධ්‍යාත්මික පදනමෙන් තෙදිනක පින්කම් මාලාවක් අනුරාධපුර දී

විමුක්ති ආධ්‍යාත්මික පදනම මෙහෙයවීමෙන් අනුරාධපුර වාර්ෂික සම්බුද්ධ පුජා පින්කම් මාලාව මාර්තු මස 11,12,13,14 යන දිනවලදී අනුරාධපුර මහමෙව්නා උයනේදී පැවැත්වේ.

මාර්තු 11 වන දා පස්වරු 7 ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී බෝධි වන්දනාවද 12 වනදා පෙරවරු 5.30 ශීල සමාදාන පින්කම ආරම්භ කර පැවැත්වේ.

එදින පස්වරු 6 රුවන්වැලි චෛත්‍යය වන්දනාව ආරම්භ කැරේ. 13 වනදා පෙරවරු 5.30 රුවන්වැලි චෛත්‍යය අබියසදී සීල සමාදාන පින්කම ඇරැඹේ. එදින සවස 5 ට ථූපාරාම චෛත්‍ය වන්දනාව සඳහා පෙරහර ආරම්භ කැරේ. අනතුරුව රාත්‍රි 10 ට ථූපාරාම මහ සෑ මළුවේ සිට සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනා ආරම්භ කැරේ.

14 වනදා දවල් සංඝගත දක්ෂිණාව දුටුගැමුණු විශ්‍රාම ශාලාවේදී පැවැත්වේ. එම පින්කම් මාලාවට සීල සමාදාන විශේෂ ධර්ම දේශනා සත්බුද්ධ පූජා භාවනා සංඝගත දක්ෂිණා පහන් පූජා කප්රුක් පූජා චීවර පූජා, අටපිරිකර පූජා ආදිය ඇතුළත් වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.