Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දොළොස් මහේ මහ පිරිත් පින්කමේ සමාප්තිය හා තුන් දහස් නමක් මහ සඟරුවන විෂයෙහි සපිරිකර දක්ෂිණාව

අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස දෙදහස් නමයේ දුරුතු මස පුර පසළොස්වක් පොහෝදින (2009.01.10) ආරම්භ කරන ලද දොළොස්මහේ පරිත්‍රාණ ධර්මදේශනය ගරුතර මහ සංඝරත්නය විසින් අඛණ්ඩව දින හාරසිය දාහතරක් (414) සජ්ඣායනා කිරීමෙන් අනතුරුව 2010 පෙබරවාරි 28 දින අළුයම සමාප්ත කිරීමට නියමිතව ඇත.

මෙම දොළොස්මහේ පරිත්‍රාණ ධර්මදේශනාමය පුණ්‍යකර්මයේ සමාප්තිය සනිටුහන් කරමින් 2010 පෙබරවාරි 28 වන දින (2010.02.28) ගරුතර මහ සංඝරත්නය තුන්දහස් නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීමට දොළොස්මහේ පිරිත සංවිධායක කමිටුව විධිවිධාන යොදමින් සිටියි.

මෙම අති දුර්ලභ මහා පුණ්‍ය කර්මයට දායක වී සහභාගි වන ලෙස සැදැහැවත් ඔබට ශාසනාලය පෙර දැරිව ආරාධනා කරන බව දොළොස් මහේ පිරිත් පින්කමේ ප්‍රධාන පැවිදි අනුශාසක පල්ලේගම හේමරතන නාහිමියෝ පවසති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.