Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 ත්‍රිපිඨක ධර්ම පුස්තකය හා අටුවා පොත් වහන්සේ වැඩම කෙරේ

කුරුණෑගල හිරියාල හත්පත්තුවට අයත් කුණ්ඩල මලියදේව අරහන්ත රාජමහා විහාර සේනාසනයේ සහ අඹගස්වැව ශෛලතලාරාමය, අලුත්ගම අභිනවාරාමය, ඉඳිගොල්ල විවේක යෝගාශ්‍රමය, කොටවෙහෙර රාජමහා විහාරය යන පංච මහා විහාරාධිපති කිතුලම්පිටියේ ධම්මවීර නාහිමියන්ගේ අනුශාසකත්වය මත ප්‍රදේශවාසීන්ගේ හා අනුර ජයසේන මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙම ස්ථානයට මහත් අඩුවක්ව පැවති ත්‍රිපිටක පොත් වහන්සේ හා අටුවා පොත් වහන්සේ වැඩම කරවීම 21 වන දින සිදු කැරේ. කඩවත ප්‍රදේශයේ සිට වැඩම කරවන මෙම ධර්ම පුස්තක උත්සව අවස්ථාවට අරන්කැලේ මලියදේව අරහන්ත සේනාසනාධිපති, ශාස්ත්‍රපති කිරිපේද්දේ පියදස්සි නා හිමියන් ප්‍රධාන මහ සඟරුවන හතලිස් නමක් ද විහාරස්ථ දායක පිරිස ද ඇතුළුව ගිහි ප්‍රභූ®න්ගේ සහභාගිත්වයෙන් එම උත්සවය පැවැත්වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.