Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ 111 වන වාර්ෂික මහ සභා රැස්වීම

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ 111 වන වාර්ෂික මහා සභා රැස්වීම 2010 ජනවාරි මස 23 වන සෙනසුරාදා බොරැල්ල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැත්විණි.

හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඤාණිස්සර ස්වාමින්වහන්සේගේ පන්සිල් හා අනුශාසකත්වයෙන් සහ සංගමයේ සභාපති ප්‍රසන්න ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් එදින සභාවේ වැඩකටයුතු සිදු කැරිණි. පහත නම් සඳහන් මහත්වරුන් නිලධාරි මණ්ඩලයට සහ කෘත්‍යාධිකාරි මණ්ඩලයට නිතරගයෙන් පත්විය.

සභාපති - ප්‍රසන්න ගුණතිලක , උප සභාපතිවරුන් - ඩී. එස්.පී.එස්. ද සිල්වා, රාජා කුරුප්පු, දේශබන්දු තිලක් ද සොයිසා, එම්. ආරියරත්න, කුසුමබන්දු සමරවික්‍රම, ප්‍රධාන ලේකම් - සුමේධ අමරසිංහ, භාණ්ඩාගාරික - ප්‍රසන්ත අබේකෝන්, කෘත්‍යාධිකාරි මණ්ඩලය - ඩී. ගාමිණි විමලසුරිය, පී.ජී.ටී. පෙරේරා, වෛද්‍ය බුද්ධි කලුආරච්චි, සුනිල් සිරිසේන, ලක්ෂ්මන් එම්. කුරුප්පු, මහේෂ් මල්ලවාරච්චි, ලලිත් සිරිතුංග, නිරෝෂන් දහනායක යන මහත්වරු වෙති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.