Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

උයන්වත්තේ ඤාණාලෝක නා හිමි ගුණ සමරුව

කැලණිය වේවැල්දූව ශ්‍රී ඤාණවිමලාරාමාධිපති ගම්පහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය උයන්වත්තේ ඤාණාලෝක නාහිමියන් අපවත් වී මෙම 26 දාට තෙමසක් සපිරේ.

ඒ නිමිත්තෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ විහාරස්ථාදායක සභාව විසින් මෙම මස 21 සිට 26 දා දක්වා පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම මස 21 දා සිට 25 දා දක්වා ධර්මදේශනා පින්කම් මාලාවක් පදලංගල ධම්මදේව හිමි, මොරවක සෝරත හිමි, ආචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි, බොරැල්ලේ අතුල නා හිමි යන නා හිමිවරුන් විසින් රාත්‍රි 7.30 සිට පවත්වනු ලබන අතර 26 වන දින දවල් ශතාධික සංඝගත දක්‍ෂිණාවක් පැවැත්වේ. 25 දින පෙරවරුවේ කිරිබත්ගොඩ සිට වත්තල හුණුපිටිය දක්වා දිවෙන ‘අලුත්පාර’ අපවත් වී වදාළ නාහිමියන්ට උපහාර පිණිස, ‘අතිපූජ්‍ය උයන්වත්තේ ඤාණාලෝක නාහිමි මාවත ‘ යන නමින්, කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා හා ප්‍රදේශයේ ප්‍රභූවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ. එමෙන්ම අලුතින් තනන ලද දේව ප්‍රතිමා සහිත දේව මන්දිරය ද 26 දින විවෘත කැරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.