UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රව්‍යාබාධිතයන් සඳහා බුදු දහම ඇතුළත් වී.සී.ඩී. තැටියක් එළි දකී

ක්වාලා ලාම්පූර්හි බ්‍රික්ෆීල්ඩ්ස් බෞද්ධ මහා විහාරයේ සහයෝගය ඇතිව ‘ශ්‍රව්‍යාබාධිත අය සඳහා ධර්මය’ නමැති සංගමය ශ්‍රව්‍යාබාධිතයන් සඳහා බුදුදහම ඇතුළත් වී.සී.ඩී. තැටියක් එළි දක්වා ඇත.

‘’ශ්‍රව්‍යාබාධිත අය සඳහා ධර්මය” සංගමයේ දස වැනි සංවත්සර උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ මලයාසියාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ධර්මරතන නා හිමියන්ගේ සුරතින් එළි දැක්වුණු එම වී.සී.ඩී. තැටියට අකාරාදිය පිළිබඳ හැඳින්වීමක්, සාමාන්‍ය බෞද්ධ ගාථා බුද්ධාගම පිළිබඳ ප්‍රශ්නෝත්තර කීපයක්, බෞද්ධ විහාරවල නිතර භාවිතා වන ගාථා කීපයක් යනාදී ධර්ම කරුණු පිළිබඳ හඬ පටයක්ද ඇතුළත් ය. එම විස්තර සියල්ල සංඥා භාෂාවෙන් ඉදිරිපත් කෙරේ.

එම සංඥා භාෂාවෙන් පූජා පවත්වන විට බුදුන් වහන්සේ දෙසූ නිර්මල දහම පිළිබඳව සම්මත ගාථා පාඨ සජ්ක්‍ධායනා කිරීමේ හැකියාවද එමඟින් ඔවුනට ලැබේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනවරතයෙන් එම ජනතාව වෙත ලබාදීමේදී බෞද්ධ පාඨවලට සම්මත සංඥා භාෂාවක අවශ්‍යතාව ඉතා වැදගත් බව අවධාරණය විණි.

මෙහි එන බෞද්ධ ධර්මය පිළිබඳ කෙටි ප්‍රශ්නෝත්තර සංග්‍රහය තුළින් ඇතැම් වැරදි මත බිඳ වැටෙනු ඇත. මෙම ක්වාලා ලාම්පූර්හි බ්රික්ෆීල්ඩ්ස් බෞද්ධ මහා විහාරය පිළිබඳ හැඳින්වීම ආරම්භ වන්නේ ඉතා දර්ශනීය රූප පෙළකිනි. මෙම විහාරය වසර 115 ක ඉතිහාසයක් ඇති 1894 දී ශ්‍රී‍්‍ර ලාංකික සම්ප්‍රදායට අනුව ගොඩනැඟූ මලයාසියානු ගෘහ නිර්මාණ ශිල්පයද මුසු වූ ඉදිකිරීමකි. මෙම විහාරය, ලොව ඇති බෞද්ධ විහාරවලින් ක්‍රියාකාරී මෙහෙවර රාශියක් ඉටු කරන ස්ථානයකි.

අගනා ධර්මදූත මෙහෙවරක් ඉටු කරන මෙම විහාරය මලයාසියාව පුරා ධර්ම දේශනා රාශියක් අවුරුදු පතා සංවිධානය කරන අතර සිය දහස් ගණනක ධර්ම ග්‍රන්ථයන් භාෂා 15කින් පමණ නොමිලයේ මුද්‍රණය කර බෙදා හරී.“ශ්‍රව්‍යාබාධිත අය සඳහා ධර්මය” සංගමය විසින් සෑම දෙසතියකටම වරක් ශ්‍රව්‍යාබාධිතයින් සඳහා බෞද්ධ ධර්මය සහ ගුණධර්ම පිළිබඳ දේශනා එම විහාරයේදී පවත්වයි. මලයාසියාවේ අඳ, ගොළු, බිහිරි හා අනෙකුත් ආබාධිත ජනතාව 2,00,000 ක් පමණ වාසය කරති. ඒ අතරින් ශ්‍රව්‍යාබාධිත අය 80,000 ක් පමණ සිටින අතර, ඒ අයගෙන් 20,000 ක් පමණ දෙනා බෞද්ධ මවුපියන්ට දාව උපන් අය වෙති.

ඔවුන් ශ්‍රව්‍යාබාධිත අය වුවත් එම සංගමය මුල්කර ගෙන සංඥා භාෂාවෙන් තම රැස්වීම් සාර්ථකව පවත්වයි.

චීන අලුත් අවුරුදු දිනය හා දීපාවලි උත්සවය වෙනුවෙන් දානමය පින්කම් දෙකක් වාර්ෂිකව පවත්වන මෙම සංගමය ඉතා දරිද්‍ර ජනතාව වෙත මුල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර ද සපයයි. ඔවුන් මේ සඳහා අවශ්‍ය මුදල් රැස් කරන්නේ පුණ්‍යාධාර හා තමන් අතින් නිමැ වූ අත්කම් භාණ්ඩ යනාදිය විකුණා ලබන ආදායමෙනි.

එම සංගමය විසින් ඇරැඹීමට අදහස් කර ගෙන සිටින තවත් පුණ්‍ය ක්‍රියාවක් වනුයේ ශ්‍රව්‍යබාධිත ළමයින් සඳහා දහම් පාසලක් ඇරැඹීමයි.

බුද්ධාගම ගැන තවත් වී.සී.ඩී. තැටි එළි දැක්වීමත්, ශ්‍රව්‍යාබාධිත මාපියන්ගේ සාමාන්‍ය දරුවන්ට සංඥා භාෂාව උගන්වා ඔවුන් කථා පරිවර්තකවරුන් ලෙස යොදා ගැනීමත් තවත් වැඩපිළිවෙළකි.

ශ්‍රව්‍යාබාධිත ජනතාවට ජංගම දුරකථනවලින් ලබාගත හැකි එකම සහනය වන්නේ පණිවිඩ ලිඛිත ක්‍රමයෙන් කියවා දැන ගැනීම බැවින්, මේ සංගමය, මලයාසියාවේ විදුලි සංදේශ සහ බහු මාධ්‍ය අමාත්‍යාංශය සමඟ 2001 දී ඇති කරගත් එකඟතාවට අනුව මේ ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට දුරකතන ගාස්තුවලින් නිදහස්වීමට ඉඩකඩ ලැබිණි.

අනාගතයේදී ශ්‍රව්‍යාබාධිත අයගේ එම්.එම්. එස්. පණිවිඩ සඳහා වට්ටමක් ලබා ගැනීමටත් මලයාසියානු ශ්‍රව්‍යාබාධිත අය අතර සංඥා භාෂාවෙන් සන්නිවේදන කටයුතු කිරීම සඳහා දුරකතනය යොදා ගැනීමට අවසර ලබා ගැනීමටත් අදහස් කෙරේ. මෙම තාක්ෂණය යොදා ගැනීම තුළින් ශ්‍රව්‍යාබාධිත ජනයාගේ් සන්නිවේදන අපහසුතා දුරුකිරීමට හැකිවනු නිසැකය.

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 13 වන දා පූර්ව භාග 05.41 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 08.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 13 වන දා සෙනසුරාදා ය.

මී ළඟ පෝය පෙබරවාරි 22 වන දා සඳුදා ය..


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]