UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ උපසම්පදා විනය කර්මය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් වර්ෂ දෙකකට වරක් පවත්වන උපසම්පදා විනය කර්මය 2010 ජූලි 16 දින ආරම්භ කොට පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතී. මෙවර උපසම්පදා පුණ්‍ය කර්මය අනුරාධපුර සංඝ සභාවේ සංවිධානයෙන්, අනුරාධපුර සාරානන්ද පිරිවෙන් විහාරස්ථානය මධ්‍යස්ථානය කරගෙන අනුරාධපුර, මල්වතු ඔයේ ඉදිකෙරෙන උදකුකෙඛප සීමා මාලකයේ සිදු කැරෙන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සඤ්ඤා ලේඛකාධිකාරී මකුලෑවේ විමල හිමියෝ නිවේදනය කරති.

උපසම්පදා ඉල්ලුම් පත්‍ර භාරගැනීම් ආදිය පිළිබඳ සියලු විස්තර මේ වන විට ප්‍රාදේශීය සංඝ සභා කොට්ඨාස හතළිස් තුනේ ලේකම් ස්වාමීන් වහන්සේ වෙත දැනුම් දී ඇත. උපසම්පදාපේක්‍ෂකයන් වහන්සේලා තම තමන් අයත් සංඝ සභාවල ලේකම් හිමිවරුන්ගෙන් උපසම්පදා ප්‍රකාශ පත්‍ර ලබාගෙන ඒවා නිසිසේ සම්පූර්ණ කොට, සාමණේර සහතිකයේ පිටපතක් ද සම¼ග 2010 අප්‍රේල් මස 10 දිනට පෙර ඒවා එම ලේකම් හිමිවරුන් වෙත භාර දිය යුතුය. ලේකම් ස්වාමීන් වහන්සේලා මැයි 05 දිනට පෙර එම ප්‍රකාශ පත්‍ර හා සාමණේර සහතික සඤ්ඤාලේඛකාධිකාරී, මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ, විද්‍යාවාස පිරිවෙන, මිණිඔලුව, මීරිගම යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට කටයුතු යෙදිය යුතුවේ. උපසම්පදාපේක්‍ෂක පරීක්‍ෂණයට අදාල නිර්දේශපත්‍ර හා ඉල්ලුම් පත්‍ර පටිපත්ති සංවර්ධන ලේඛකාධිකාරී පූජ්‍යතර අංකුඹුරේ පේමවංශ ස්වාමීන් වහන්සේ, විද්‍යාසාගර පිරිවෙන, හූරිකඩුව, මැණික්හින්න යන ලිපිනයෙන් ලබාගත හැකි බවත් සඤ්ඤාලේඛකාධිකාරී, ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති, මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ දැනුම් දෙති.

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 13 වන දා පූර්ව භාග 05.41 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 08.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 13 වන දා සෙනසුරාදා ය.

මී ළඟ පෝය පෙබරවාරි 22 වන දා සඳුදා ය..


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]