Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

අම්පාර දිස්ත්‍රික්කයේ පදිංචි ජූඩ් රංජිත් 43 වියෙහි පසුවන තිදරු පියාගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති හෙයින් ඔහුට “ඕ පොසිටිව් හෝ ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති හෙයින් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති ස්වාමීන් වහන්සේ නමක් හෝ පරිත්‍යාගශීලියකු වෙත්නම් පහත සඳහන් දුරකථන අංක වලට අමතන්නැයි ඉල්ලීමක් කැරේ. 0775090265, 0770563200, 0776418899 එම දුරකථන අංක වේ.


කරල්ලියද්ද, තෙල්දෙනිය පදිංචි එන්. කුමාරිහාමි තිදරු මව දරුණු වකුගඩු රෝගයකින් පෙලෙයි. ඇය සුවපත් කිරීමට ඉක්මනින් “ ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍යව ඇත. මේ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති හිමිනමක් හෝ පරිත්‍යාගශීලියෙක් වේ නම් 077 9624440, 071 – 4488040 අංක වලට දැනුම් දෙන්න.


කඩුගන්නාව කුරුකුත්තල පදිංචි ඒ.එස්.ඒ. අක්බාර් නමැති අය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන අතර ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා හැකි ඉක්මනින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.ඩබ්ලිව්.එම්.වසීල් මහතා නිර්දේශ කර ඇත.වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු වෙත්නම් 072 – 4458113 අංකයට දැනුම් දෙන ලෙස ඔහු ඉල්ලීමක් කරයි.


කැලණිය පොල්හේනේ පදිංචි ගුණසිරි රාමනායක මහතාගේ වකුගඩු වල ඇති ආබාධයක් නිසා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු දන්වා ඇතැයි කියති. එබැවින් ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබා දීමට හැකි අයෙකු වෙතොත් 2919847 හෝ 0779727929 , 0712075475 යන අංක වලට දන්වන ලෙස ඉල්ලීමක් කැරේ.


කිරුළපන හයිලෙවල් පාරේ අංක 206/1 , නිවසේ පදිංචි එච්.එම්. පරාක්‍රම හේරත් මහතා වකුගඩු ආබාධයකින් පෙලෙන බැවින් ඔහුට බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධකල යුතු බව විශේෂඥ වෛද්‍ය නිගමනය බව කියයි. ඒ සඳහා පරිත්‍යාගශීලි ස්වාමීන් වහන්සේ නමකගෙන් හෝ පරිත්‍යාගශීලි අයකුගෙන් වකුගඩුවක් අපේක්‍ෂා කරන බවද කියයි. ඉහත ලිපිනයට හෝ පහත සඳහන් 0112 -513875 දුරකතන අංකය වෙත වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


අංක 95, වීර්යපුර, බදුල්ල ලිපිනයේ පදිංචි ඒ දිසානායක මහත්මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කල යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි කියති. වකුගඩුවක් පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයකට (ස්වාමින් වහන්සේ නමක් විශේෂයි ) හෝ ගිහි පින්වතකුට දායකවන්නැයි ඉල්ලීමක් කැරේ. ප්‍රතිකාර සඳහා මූල්‍යාධාරයක් පරිත්‍යාග කරන්නේ නම් බදුල්ල මහජන බැංකුවේ අංක 0102002500033565 (ඒ. එම්. ගුණරත්න බණ්ඩා) දරණ ගිණුම විවෘත කර තිබේ. ඉල්ලීම ඉටු කිරීම සඳහා දුරකථන අංක 0555738182, 0723557089,0773568125,0772919625 භාවිතා කරන මෙන් ද ඉල්ලීමක් ද කැරේ.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.