බම්බලපිටියේ ආනන්ද තිස්ස හිමියන්ගේ ජන්ම සමරුවට පින්කම් 
			
			 
			අම්බලන්ගොඩ , මාදම්පේ චේතියගිරි පුරාණ විහාරාධිපති බම්බලපිටියේ ආනන්ද 
			තිස්ස නාහිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට සෙත්පතා වසරක් පාසා 
			මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී සිදු කෙරෙන පුණ්‍යකර්මය මෙවරද පෙබරවාරි 
			මස 17 -18 යන දිනයන්හි සිදු කැරේ.17 වැනි දින සවස 6.30 ට ශ්‍රී දළදා 
			සමිඳු උදෙසා සිදු කෙරෙන විශේෂ ගිලන් පස පුජාව ද18 වැනි දින දවල් 10.30 
			ට ශ්‍රී දළදා සමිඳු උදෙසා විශේෂ මුල්තැන් පූජාව ද අනතුරුව මල්වතු 
			අස්ගිරි උභය විහාරීය අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන 
			මහා සඟරුවන වෙත සඟසතු දානය පිරිනැමීම සිදු කැරේ.  |