Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ පිරිත් දේශනාව

අනුරාධපුර බෞද්ධ මණ්ඩලය වාර්ෂිකව පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් දේශනය මෙවරද මෙම මස 27, 28 යන දිනවලදී බෞද්ධ මණ්ඩල පරිශ්‍රය තුළදී පැවැත්වේ. මියගිය සාමාජිකයිනට පින් අනුමෝදන් කිරීම, ජීවත්ව සිටින සාමාජිකත්වයට, නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, රටට ජනතාවට සෙත් පැතීම ආදී අරමුණු මුල් කොට ත්‍රිපිටකවේදී පොතානේ ධම්මානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන එම පිරිත් දෙසුමට පසුදින (28 වෙනි දින) පනස් නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි හීල් දානය පිරිනැමේ.

මීට අමතරව එදින පුරපසළොස්වක පොහොය දින සිල් සමාදන් වන සියලුම උපාසක උපාසිකාවනට හීල දානය සහ දවල් දානය පිරිනැමීමත් බණ භාවනා, වැඩ සටහන් නියමිත පරිදි සිදු කිරීමටත් කටයුතු යොදා ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.