Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දොළොස් මහ පිරිත් පින්කමේ සමාප්තිය හා තුන් දහස් නමක් විෂයෙහි පිරිනැමෙන සංඝගත දක්‍ෂිණාව 28 වන දා

අනුරාධපුර ඓතිහාසික මහමෙව්නා උයනේ පිහිටි රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියසදී, දෙදහස් නමයේ දුරුතු මස පුර පසළොස්වක් පොහෝ දින (2009.01.10) ආරම්භ කරන ලද දොළොස්මහේ පරිත්‍රාණ ධර්මදේශනය මහා සංඝරත්නය විසින් අඛණ්ඩව සජ්ඣායනා කිරීමෙන් අනතුරුව 2010 පෙබරවාරි 28 දින අලුයම සමාප්ත කිරීමට නියමිතව ඇත.

මෙම දොළොස්මහේ පරිත්‍රාණ ධර්මදේශනාමය පුණ්‍යකර්මයේ සමාප්තිය සනිටුහන් කරමින් 2010 පෙබරවාරි 28 වන දින (2010.02.28) මහ සංඝරත්නය තුන්දහස් නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීමට දොළොස්මහේ පිරිත සංවිධායක කමිටුව විධිවිධාන යොදමින් සිටින බව දොළොස්මහේ මහ පිරිත් පින්කමේ ප්‍රධාන පැවිදි අනුශාසක පල්ලේගම හේමරතන නාහිමියෝ සඳහන් කරති.

මෙම මහා පුණ්‍ය කර්මයට වැඩමවා වදාරණ මහා සංඝරත්නය තුන්දහස් නමටම (3000) එක හා සමාන පිරිකරක් බැගින් පූජා කිරීමට හා ප්‍රවාහන පහසුකම් සපයාදීමේ මෙම මහා පුණ්‍ය කර්මයට දායක වී සහභාගි වන ලෙස සැදැහැවත් ඔබට ශාසනාලය පෙරදැරිව කරුණාවෙන් ආරාධනා කැරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.