UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘ජීවිතය තරගයක් කරගන්න එපා’

බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තිබෙනවා, ‘ආරභථ-නික්ඛමථ- යුඤ්ඡථ-බුද්ධ සාසනේ’ කියලා. බණ පදයක් ‘අරඹව් නික්මෙව් යෙදෙව් බුදු සසුන්හි’ යනු එහි තේරුමයි. අරඹන්- එලවෙන්- යා කියල පුංචි කාලෙ ඉඳල අපේ කටට හුරු වුණෙත්, ඔය කියමන යි. එතකොට අපි දිවීම අරඹනව, දිනන්න ඕනෑ කියන අදහසින් පරදින්න කැමති නැහැනේ. ඒ නිසාම ඔබේ තියෙන උපරිම ශක්තිය යොදවල ඔබ දුවනවා. ඔය දිවිල්ලෙදි, දිනපු වෙලාවක ඔබ බෙහෙවින්ම සතුටු වන්න ඇති.පැරදිච්ච වෙලාවෙ ඔබ කොතරම් දුකින් හඬන්න ඇද්ද? ඒ ජයග්‍රහණයෙන් ඔබට ලැබුණු ප්‍රතිඵලය, මානය මුසුවෙච්ච සතුටක් නේද? පරාජයේදී ඔබට ලැබුණු ප්‍රතිඵලය, වෛරය මුසුවෙච්ච දුක, ශෝකය නේද?

මේ තුළින් ඔබට නැවත පහළ වන්නේ, ජයග්‍රහණය කිරීමේ උන්මාදය නේද? ඊට වඩා ඔබට හැකි නම් මෙහෙම හිතන්න, මම උනන්දු වෙලා මගේ හැකියාව ඉදිරිපත් කරමි. මට අවශ්‍ය කවුරුවත් පරාජය කිරීමට නොවෙයි. මා ලත් දැනුම් සම්භාරය; මගේ දක්‍ෂකම උසස්ම ලෙස පෙන්වීමයි. එහෙම සිතන්න පුරුදු වන්න, සමහර අම්මලා, තාත්තලා කියනවා තමන්ගෙ දරුවට, ‘බලන්න අර ළමය ශිෂ්‍යත්වෙට ගිහිල්ලා පාස්වුණා. ඔයා ඒ ළමයට වඩා ඉහළින් පාස් වෙන්න. නැත්නං විසුමක් වෙන්නෙ නෑ’ කියලා.

එහෙම නැත්නං කියනව ‘ඔයා මේ ගමන කොහොම හරි අර ළමයව පරද්දන්න ඕනෑ’ කියලා. එහෙම කියනකොට ඒ දරුවන් ළඟ මොනවද දියුණු වෙන්නේ? තණ්හාව-ක්‍රෝධය-වෛරය-ඊර්ෂ්‍යාව නේද? ඉතින් එතැන ඉඳල මොකද වෙන්නේ? අර දරුව ජයග්‍රහණය බලාගෙන පමණක් වැඩ කරනව නේද? එහෙම කරන කොට එයාගේ නැණ ගුණ දියුණු වෙනවද? තමන්ගෙ ප්‍රතිවාදියා ගැන වෛරයක් ගොඩ නැගෙනව නේද? අද මේ රටේ පාසල් දෙකක දරුවන් එකට එකමුතු කළ හැකිද? දරුවන් උනුන්ට නයි, පොලොංගු වගේ, මේ තත්ත්වයට මුල්වුණු වැඩිහිටියන් මේවට වගකිව යුතුයි. නිවාසාන්තර තරඟයෙ ඉඳලා ජාත්‍යන්තර තලයට යන තුරුම මේ ව්‍යසනය පැතිරිලා.

ඒ අතර මත් කුඩු-මත්වතුර-දුම්වැටි භාවිතයත් වැඩිවෙලා. ඉහත සඳහන් කළ තරඟවලින් ගුණාත්මක වධ¢නයක් සිදු වෙනවද නැහැනේ? ජීවිතය ආරම්භ කළ යුතුවන්නේ ගුණධම¡ මතයි. ඔබ බලාපොරොත්තු වන්නේ ඔබේ දරුවා යහපත් පුරවැසියෙක් කරන්න ද? නැත්නම් සමාජයට ශාපයක් කරන්න ද? මැණික් තිබියදී ඇයි වීදුරු කටු එකතු කරන්නෙ? ගහක් හැදෙන්නනං ඒකට සරුපස, පොහොර, ජලය වගේ දේවල් අවශ්‍ය යි. ඒ වගේ යහපත් පුරවැසියෙක් බිහිවන්නෙ, තරඟකාරී ලෝකයක නොවෙයි. උගත්කම, සිහිනුවණ, ගුණගරුක බව, කළණ මිතුරු ඇසුර, දැහැමි මවුපිය දෙපළකගේ ආභාෂය, මනුෂ්‍ය ධර්‍මමත තිරසාර ගුණයෙන් පිරුණු මහත්මා ගති ඔබ සතු නං, මෙලොව සතුටින් ජීවත්වන පුද්ගලයා ඔබයි. එවන් දිවි මඟකට පියවර තබන්නට ඔබ සැමට තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා!.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 29 වනදා සිකුරාදා අපරභාග 3.32ට ලබයි.
30 වනදා සෙනසුරාදා පූර්වභාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 29 වනදා සිකුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 5 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]