UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයා රූපවාහිනියේ සජීව නවම් පොහොය විකාශය කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාර සදහම් මැඳුරේ සිට

පෝදා අලුයම 05.30 ට කිරි ආහාර පූජාව සමගින් විකාශය ආරම්භ වේ.

පෝදා පෙරවරු 6 – 7 සීල සමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 7 – 7.30 බුද්ධානුස්සති භාවනාව මෙහෙයවීම, මහරගම පදුම හිමි 8 – 9.30 ධර්ම දේශනාව හා භාවනාව මෙහෙයවීම, බුද්ධංගල ආනන්ද හිමි, 10 – 11 දම් සභා මණ්ඩපය, ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, ශ්‍රී සම්බෝධි විහාරස්ථ දායක සභාවේ සම්මාන සභාපති හිටපු අග විනිසුරු සරත් එන් සිල්වා මහතා 11 – 11.30 සම්බුදු පූජාව මෙහෙයවීම, මහරගම පදුම හිමි, පස්වරු 12.30 – 01.00 රණවිරුවන්ට කෘත්‍රීම පාද පිරිනැමීම සහ රෝදපුටු පිරිනැමීම ශ්‍රී සම්බෝධි විහාර භූමියේ දී,

කොත්මලේ මෑතගම දිමුල පුරාණ රාජ මහා විහාරයේ දී 2010 පෙබරවාරි මස 07 වන ඉරුදින මරණයට කැපවූ ගවයන් නිදහස් කර අඩු ආදායම් ලාභී පවුල් වලට බෙදාදීම හා ආබාධිතයන් සඳහා කිහිළිකරු හා රෝදපුටු පරිත්‍යාග කිරිම පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ හා නිළ ඇඳුම් ලබාදීම සහ විහාරස්ථානයට හා පාසල් වලට ජල පෙරන බෙදාදීමේ සත්කාර උත්සවය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.

පස්වරු 01- 02 ධර්ම දේශනාව මාවරලේ භද්දිය හිමි, 02 – 03 ධර්ම දේශනාව, උඩගල්කන්දේ හේමාලෝක නාහිමි, 03.30 – 05.00 සද්ධර්ම වර්ෂා සූත්‍ර සජ්ඣායනය හා සාකච්ඡාව, සතිපට්ඨාන සූත්‍ර සාකච්ඡාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, එංගලන්තයේ ප්‍රධාන අධිකරණ සංඝනායක කඹුරුවල රේවත නාහිමි, මහරගම පදුම හිමි, ගලිගමුවේ ඤාණදීප හිමි අධිකාරිගම සන්තසුමන හිමි, 05.00 – 06.00 විශේෂ බෝධි පූජාව සහ බුද්ධ වන්දනාව හා සිල් පවාරණය මෙහෙයවීම මහරගම පදුම හිමි.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 29 වනදා සිකුරාදා අපරභාග 3.32ට ලබයි.
30 වනදා සෙනසුරාදා පූර්වභාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 29 වනදා සිකුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 5 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]