UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පෝදා පින්කම්

කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ දී පෝදා දවස පුරා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම, මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍ය වටා ෂඩ් වර්ණ සාටකයක් පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ. භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ පැවැත්වේ. උදේ ධර්මදේශනාව ඌව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කිරිවෙහෙර රාජ මහා විහාරවාසී පොළොන්නරුවේ වාචිස්සර හිමි විසින් දුටුගැමුණු ධර්ම ශාලාවේ දී පැවැත්වේ. ගාමිණීපුර බෞද්ධ සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයට පැමිණි කිරිවෙහෙර වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට නොමිලේ මල් බෙදාදෙයි. සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට දානමය පින්කම බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් ඉන්ද්‍රා දිසානායක මහත්මියගේ දායකත්වයෙන් බණ්ඩාරවෙල, වැලිමඩ බුත්තල කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල කාර්ය මණ්ඩල සහභාගීත්වයෙන් පැවැත්වේ. කිරිවෙහෙර මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කිරීම බෝධීන් වහන්සේ සුවඳ පැණින් නහවා විශේෂ බෝධිපූජාව පවත්වා ශ්‍රී ලංකාවාසී සැමට සෙත්පැතීම සිදුකෙරේ. කිරිවෙහෙර 3 වන මළුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාවක් පැවැත්වෙන අතර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්මශාලාවේ පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව මෙම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.
 


කැලණි විහාරයේ දී පෝදා දවස පුරා පින්කම්

ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරස්ථානයේදී පෝදා දවසපුරා පින්කම් මාලාවක් පැවැත්වේ. පෝදා පෙරවරු 8 - 9 දක්වා දහම් දෙසුම මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමියන් විසින්ද සවස 4 - 5 දක්වා දහම් දෙසුම ශාස්ත්‍රපති පිටිගල විජිත හිමියන් විසින්ද රාත්‍රී 7- 8 දක්වා දහම් දෙසුම කැලණි විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය අලුබෝමුල්ලේ ධම්මාලංකාර හිමියන් විසින්ද පවත්වනු ලැබේ.
පෝදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද පැවැත්වේ.


 

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධරමායතනයේ නවම්පුර පසළොස්වක පෝදා වැඩිහිටි සීල සමාදාන වැඩසටහන මෙසේය. පෝදා පෙරවරු 06 – 07 - සිල් සමාදන් කරවීම අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්වෙල වජිර හිමි. 08 – 09 – භාවනාව - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි 09 – 10 – ධර්ම දේශනාව - ගංගොඩවිල පුෂ්පාරාමාධිපති - ශාස්ත්‍රපති පණ්ඩිත කහටපිටියේ පඤ්ඤාසාර නාහිමි. 10 – 11 – අභිධර්ම කතාව - පියදාස මුතුගම මහතා 11 – 11.15 – බුද්ධ පූජාව - බියගම කමලධම්ම හිමි, බංගලාදේශයේ සද්ධානන්ද හිමි පස්වරු 12.25 – 12.30 – විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව 12.30 – 01 – පිරිත් හා තෙරුවන් ගුණ – උඩුදෙණියේ විමලවංශ හිමි, මීගොඩ කළ්‍යණධම්ම හිමි 01 – 02 – ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි 02 – 03 – අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍යවාසී කහගොල්ලේ සෝමවංශ නාහිමි 03 – 04 – විශේෂ අනුශාසනාව - අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහ නාහිමි 04.15 – 05 – ධර්ම දේශනාව වැලිමඩ පසන්නමානස හිමි 05 – 06 ධම්මපදාය - ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි 06 – 06.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි



කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10 කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාමයේදී නවම් පුර පසළොස්වක පොහෝදා සීල භාවනා ධර්මදේශනා වැඩ සටහන් මාලාවක් හල්පිට හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවසපුරා පැවැත්වේ. එදින පෙරවරු 6 - 6.30 උපෝසථ සීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්පහිමි, 7.00 - 7.30 සම්බුද්ධ හීලදාන පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 -9.00 රජවත්තේ වප්පහිමි මෙහෙයවන භාවනා වැඩ සටහන, 9.15 - 10 - 15 ධර්මදේශනාව කොරොස්සේ මහින්ද නාහිමි 10 - 15- 11.00 දවල් සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.30 - 12.45 සෙත්පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන් 1.00- 2.00 විහාරස්ථ උපාසක, උපාසකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 - 3.00 භාවනා වැඩ සටහන තලල්ලේ සිරි මහින්ද නාහිමි, 3.15 - 4.15 දහම් දෙසුම කැලණි විශ්වවිද්‍යාලයෙ කථිකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර හිමි, 4.30 - 5.30 දහම් දෙසුම ශාස්ත්‍රපති කොස්ගොඩ චන්ද්‍රජෝති හිමි, 5.30 -6.30 ධර්ම දේශනාව බෞද්ධ හාපාලි විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වැලිගෙපොල සීලවංශ හිමි, 6.30 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 -7.30 මල්පහන් ගිලන්පස සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ ධම්මදේව හිමි රාත්‍රී ධර්ම දේශනාව බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති කොටපොල අමරකිත්ති හිමි.


ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමිපාණන් ගේ හා ශ්‍රී සිළුමිණි විහාරාධිපති මහමෙවුනාවේ මංගල හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී‍්‍ර සමාධි උපස්ථාන සභාව සංවිධානය කරනු ලබන ජනවාරි මස 29 වන දින පෝදා සීල භාවනා වැඩසටහන මෙසේය. පෝදා පෙරවරු 5.30 - 6.00 - සීල සමාදානය අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සරාභිධාන මහානාහිමි, 6.45 - 7.30 - අනුශාසනාව භාවනාව මහමෙවුනාවේ මංගල හිමි, 8.30 - 10.30 - භාවනා වැඩසටහන පාතේගම ඤාණතිලක හිමි, 10.30 - 11.00 දහවල්බුද්ධ පූජාව වැලිමඩ ධම්මික හිමි, පස්වරු 12.30 - 01.00 සෙත් පිරිත් දේශනාව හාලිඇළ අස්සජි හිමි, වැලිමඩ ධම්මික හිමි, හාළිඇල භද්දිය හිමි, 01.00 - 03.00 සූත්‍ර දේශනාව මහමෙවුනාවේ මංගල හිමි, 03.30 - 05.00 ධර්ම සාකච්ඡාව, 05.00 - 06.00 බෝධි පූජාව හාලිඇළ අස්සජි හිමි.


සිරිමංගල පිරිවෙන් විහාරය

සිරිමංගල පිරිවෙන් විහාරයේ 479 වෙනි පොහොය පින්කම මෙසේ ය. පෙ.ව. 6.00 ට සීල සමාදානය පණ්ඩිත වලස්ගල පුණ්‍යජි මයුරවංශ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ පෙ.ව. 6.30 ට බුද්ධ පූජා වන්දනාව ශාස්ත්‍රවේදී කුඩාගොඩ ඤාණවංශ හිමි, පෙ.ව. 08.30 ට භාවනා වැඩසටහන ත්‍රිපිටකවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි, 10.30 පූජා වන්දනාව, ප.ව. 1.00 සෙත් පිරිත් සජ්ඣායනාව ප.ව. 2.00 ධර්ම සාකච්ඡාව හොරපාවිට ධම්මිස්සර හිමි, ප.ව. 4.00 ට ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත හත්තොටුවේ ඉන්ද්‍රරතන හිමි ප.ව. 5.00 ට සිල් පවාරණය, රාත්‍රී 7.00 ට අටවිසි බුද්ධ වන්දනාව ශාස්ත්‍රවේදී බලංගොඩ සාන්තසිරි හිමි.


ළමා භාවනා වැඩසටහනක්

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමියන්ගේ අනුශාසනා පරිදි පේරාදෙණිය, හිඳගල ශ්‍රී සමාධි ළමා හා යොවුන් භාවනා පුහුණු මධ්‍යස්ථානයේ අනුශාසක හා ශ්‍රී ජයවර්ධනපුර, නව රෝහල පාරේ, ශ්‍රී සිළුමිණි විහාරාධිපති මහමෙවුනාවේ මංගල හිමියන් මෙහෙයවන ‘තමරවිල’ ළමා භාවනා වැඩසටහන සහ සිඟිති දම්සභා මණ්ඩපය මෙම 29 උදේ 8.00 සිට දහවල් 12.00 දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේදි තමරවිල යොවුන් සභාව හා ආනන්ද ශාස්ත්‍රාලීයිය බෞද්ධ සංගමය සංවිධානය කරයි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර සංඝමිත්තාරාමයෙහි නවම් පුන් පොහෝ දින අළුයම 5 30 ට ක්‍ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 6 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහනක් පැවැත්වේ. පෙරවරු 8 – 9.15 පානළුවේ සතීමා දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනය සහ භාවනා වැඩසටහනක්ද 9.30 - 10.15 කුරුවිට සමාධි දසසිල් මාතාව විසින් පවත්වන ධර්ම දේශනාවද 10.15 - 11.00 ගංගා කුමාරි උපාසිකාව පවත්වන ධර්ම දේශනාවක්ද 11.00 දවල් බුද්ධ පූජාවද අනතුරුව පස්වරු 12.30 - 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනයද 1.00 - 1.30 නීල නයනි හෙට්ටිආරච්චි උපාසිකාව පවත්වන දේශනයක්ද 1.30 - 2.30 මීගොඩ උත්තරා දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයක්ද වේ. 2.30 - 3.00 නිමාෂා ගයාත්‍රි වික්‍රමාරච්චි උපාසිකාව පවත්වන දේශනයක්ද 3.00 - 5.00 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා මෙහෙයවන ධර්ම සාකච්ඡාවෙන් අනතුරුව 5.00 - 5.30 දක්වා තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකර සවස 6.00 අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.


හිත්තැටිය රජ මහා විහාරය


හිත්තැටිය රජමහා විහාරයේ දී මෙම පෝදා පැවැත්වෙන වැඩසටහන මෙසේ ය. උදෑසන සීල සමාදානය – රාජකීය පණ්ඩිත ගොඩගම චූලාලංකාර නාහිමි පෙරවරු 9.00 ට ධර්ම දේශනය වැලිපත චන්දවිමල හිමි, 10.30 ට බුද්ධ පූජා වන්දනාව දෙහිගස්පෙ පේමසිරි හිමි, පස්වරු 01.30 ට ධර්ම සාකච්ඡාව හෙල්ලල ධම්මරතන හිමි, සැම්සන් කුලරත්න සතර කෝරාළ මහතා, ඒ හරිස්චන්ද්‍ර මහතා, 03.30 භාවනා වැඩසටහන බද්දේගම විජිතසිරි හිමි, 4.30 ට ධර්ම දේශනාව පේරකැටියේ විමලකිත්ති හිමි, 5.30 ට බෝධි පූජාව හබරත්තවල සෝභිත හිමි, 6.00 ට සිල් පවාරණය


මාතර තරුණ බෞද්ධ සමිතිය


මාතර තරුණ බෞද්ධ සමිතියේ 546 වැනි පුන් පෝ දින පින්කමේ වැඩසටහන මෙසේ ය. පෙරවරු 06.30 සීල සමාදන් කරවීම, දෙහිගස්පේ සිරිවිමල හිමි, 8.00 බුදුගුණ වන්දනාව, 9.30 විදර්ශනා මාර්ගය, කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා රණතුංග මාතාව, 10.30 බුද්ධ පූජා වන්දනාව පැළෑනේ සුවිනීත හිමි, පස්වරු 1.00 රණවිරුවන්ට සෙත් පතා පිරිත් සඡ්ඣායනාව ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි ප.ව. 1.30 ධර්ම දේශනාව හබරත්තවල සෝභිත හිමි, 3.00 ධර්ම සාකච්ඡාව බන්දුල උදයකුමාර මහතා, ප.ව. 5.00 සිල් පවාරණය, ශාස්ත්‍රපති පණ්ඩිත කැලණියේ අජිත හිමි.



මාතර ආරෝග්‍ය සේවා සංගමයේ ගිලන් සංග්‍රහය


මාතර ආරෝග්‍ය සේවා සංගමයේ 577 වන ගිලන් සංග්‍රහය
මාසිකව පැවැත්වෙන ගිලන් සංග්‍රහය පුන් පෝදා ප.ව. 3.30 ට මාතර මහ රෝහලේ නේවාසික රෝගීන්ට කිරි, බිස්කට් සහ ‘සිත්සුව‘ ධර්ම පත්‍රිකා බෙදාදීම සිදුකෙරේ.



යහමුල්ල


නවම් පෝය නිමිත්තෙන් අතුරලියේ යහමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ දී මේ මස 29 දා ශීල සමාදාන භාවනා, ධර්ම දේශන, බෝධි පූජා ආදී පින්කම් රැසක් පැවැත්වේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ නවම් පුන් පෝදා තරුණසීල සමාදාන වැඩසටහන මෙසේය.

පෝදා පෙරවරු 6 -7 - සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව දියතලාවේ පියදස්සි හිමි. 8 -9 භාවනාව, වැලිමඩ පසන්නමානස හිමි, 9 -10 - විශේෂ දේශනය - ගල්කිස්ස උසස් බාලිකා විදුහලේ විදුහල්පතිනි විනීතා පෙරේරා මහත්මිය 10 - 11.15 - පරෝපකාර සංග්‍රහය , අනුශාසනාව හා බුද්ධ පූජාව පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි. පස්වරු – 12.25 - 12.30 - විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා , 12.30 - 1- පිරිත් හා තෙරුවන් ගුණ - පූජ්‍ය මකුලේමඩ සිරිනන්ද හිමි, 1 -2 – ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පාණදුරේ පසන්න හිමි, 2 -3 - ධර්ම දේශනාව - වැලිහෙලතැන්නේ කල්‍යාණසිරි නාහිමි, 3 -4 - ධර්ම දේශනාව - ආචාර්ය කර්මස්ථානාචාර්ය ඇඹිලිපිටියේ ආනන්ද හිමි, 4.15 -5 - ධම්මපදය පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5 -6 ධර්ම දේශනාව- ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 6 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.



බම්බලපිටියේ වජිරාරාමය

බම්බලපිටිය වජිරාරාමයේදී පැවැත්වෙන වැඩසටහන මෙසේය.

පෙරවරු 6 - 7.15 - සිල් සමාදන් කරවීම, අනුශාසනාව සහ බුද්ධ පූජාව ,සිරිවජිරාරාමවාසී ත්‍රිකුණාමලයේ ආනන්ද අනු නාහිමි 8 -9 භාවනාව වේරදුවේ මහින්ද හිමි, 9 -10 - ධර්මානුශාසනාව - අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහ නා හිමි, 10 -11 විශේෂ දේශනය වෛද්‍ය මාලනී සුරවීර මහත්මිය 11- 11.15 බුද්ධ පූජාව පැරකුම්පුර විසාරද හිමි. පස්වරු 12.30 -01.00 පුණ්‍යානුමෝදනාව 01 -02 ධර්ම දේශනය මාවරලේ භද්දිය හිමි, 2 - 2.45 සෙත් පිරිත් සජ්ඣායනය කඹුරුගමුවේ මහානාග හිමි, 02.45 -03.45- ධර්ම සාකච්ඡාව - ඇරැව්වල සුධම්ම හිමි 4 -5 - ධර්ම දේශනය - දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි ,5 -6- ධර්මානුශාසනාව ශාස්ත්‍රපති බඳගිරියේ සිරිනන්ද හිමි ,6 - 6.30 - අට විසි බෝධි පූජාව හා කටයුතු අවසන් කිරීම සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී සියලුම ස්වාමීන් වහන්සේලා
 


උයන්වත්ත වාලුකාරාම මහා විහාරයේ පුන් පෝදා පින්කම


උයන්වත්ත වාලුකාරාම මහා විහාරයේ පුන් පෝදා පින්කම මෙසේ ය. පෙ.ව. 6.30 ට සිල් සමාදන් කරවීම ශාස්ත්‍රවේදී පණ්ඩිත බඹරැන්දේ රාහුල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පෙ.ව. 7.00 ට බුද්ධ පූජා වන්දනාව බෙංගමුවේ චන්ද්‍රරතන හිමි, පෙ.ව. 8.00 ට ගුවන්විදුලි ධර්ම දේශනාව, 10.30 ට බුද්ධ වන්දනාව මොරවක ධම්මරතන හිමි, ප.ව. 1.00සෙත් පිරිත් සජ්ඣායනාව, ප.ව. 2.00 ට ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති කැලණියේ අජිත හිමි, ප.ව.4.00 ට ධර්ම දේශනාව රොටුඹ සෝමරතන හිමි, ප.ව. 6.00 ට සිල් පවාරණය ප.ව. 7.00 ට අටවිසි බුද්ධ පූජාව බුත්තල මෙත්තානන්ද හිමි.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 29 වනදා සිකුරාදා අපරභාග 3.32ට ලබයි.
30 වනදා සෙනසුරාදා පූර්වභාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 29 වනදා සිකුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 5 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]