UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මෙත්මුනි විහාරයේ සම්බුද්ධ වන්දනා ආසිරි රිය පෙරහර හා මෛත්‍රෙය බෝධිසත්ව අභිෂේක මංගල පූජෝත්සවය

වරකාපොල මෙත්මුනි විහාරයේ සම්බුද්ධ වන්දනා ආසිරි රිය පෙරහර හා මෛත්‍රෙය බෝධිසත්ව අභිෂේක මංගල පූජෝත්සවය මෙම 30 සහ 31 දිනවලදී පැවැත්වේ.

එම පින්කම නින්දානේ චන්දවිමල නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකැරේ.

30වනදා පෙරවරු 7.30ට එම වන්දනා ආසිරි රිය පෙරහැර මෙත්මුනි විහාරයෙන් ගමන් අරඹා පස්වරුවේ මහනුවර නාථ දේවාලයට පැමිණීමට නියමිතය. අනතුරුව නාථ ප්‍රතිමාව ශ්‍රී නාථ දේවාලයේ තැන්පත් කැරේ. එදින පස්වරු 6 සිරි දළදා සමිඳු නැමදීමද 7 ප්‍රාර්ථනා මෛත්‍රී පහන් දැල්වීමද අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාව, භාවනාව, මෙත් බෝසත් දහම් හමුවද පැවැත්වේ. 31 වනදා පෙරවරු 5.30 සිරි දළදා සමිඳු නැමදීමද, 6ට කිරිපිඬු පූජාව පැවැත්වීමද, 6.30 මෙත් බෝසත් පිළිරුව රිය තුළ තැන්පත් කිරීමද, 6.45ට නාථ දේවාලයේ සිට කොළඹ නුවරපාරේ ගමන් ආරම්භ කිරීමද සිදුකැරේ.

31 වනදා පස්වරු 3.15 රිය පෙරහර මෙත්මුනි විහාරයට පැමිණීමෙන් පසු 3.30 සභා ගර්භය තුළ මෙත් බෝසත් පිළිරුව තැන්පත් කිරීම හා සදහම් හමුව වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමියන්ගේ මූලාසනින් පැවැත්වේ. දොඩම්ගොඩ අස්සජි නාහිමි සහ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා දෙසුම් පවත්වති. 4.30ට නානුමුර මංගල්‍යය පැවැත්වේ.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 29 වනදා සිකුරාදා අපරභාග 3.32ට ලබයි.
30 වනදා සෙනසුරාදා පූර්වභාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 29 වනදා සිකුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 5 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]