Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කුලියාපිටිය මඟුලාගම පදිංචි කුමුදුනී සීතා කුමාරි (42) දැනට වසර දෙකක පමණ සිට ඉතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඇය, මහනුවර මහ රෝහලින්, සතියකට දෙවරක් ලේ පිරිසුදු කිරීමේ කාර්යය කරගෙන යන බවද කියයි. ඇයට ඉතා ඉක්මනින් (ඒ පොසිටිව්) වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව , වෛද්‍යවරුන්ගේ නිගමනයයි. එම අසරණ ජීවිතය බේරා ගැනීමට ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් , පරිත්‍යාග කළ හැකි, පරිත්‍යාගශීලියකු ඇත්නම් පහත දුරකතනයට අමතන ලෙස, ඉල්ලීමක් කෙරේ. දුරකතන අංකය – 037-5718558 ජංගම දුරකතනය – 077 -8208645 වේ



මුළු ජීවිතයම සමාජ සුභ සාධනය උදෙසා කැප කළ ගුරුවරයකු වන කේ.ජයසිංහ මහතාගේ ජීවිතය රැකගැනීම සඳහා ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වකුගඩුවක් අවශ්‍යව ඇත. පැවිදි උතුමන් වහන්සේ නමකගේ පරිත්‍යාගය විශේෂයෙන් අපේක්‍ෂා කැරේ. සපුතන්තිරි කන්දේ සුමංගල හිමි, ශ්‍රී ධර්මපාල අරණ්‍ය සෙනසුන කොළවෙනිගම, දෙනියාය යන ලිපිනයෙන් හෝ දුරකතන අංක 041-2273505, 075-7205579 071-8293211 වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කැරේ.



කටාන කන්තෝරුවත්ත අංක 372 නිවසේ පදිංචි හංසනී වාසනා හඳුන්දේවගේ නමැති තුන් හැවිරිදි දියණිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් වකුගඩුවක් බද්ධ කළ යුතුයැයි වෛද්‍ය නිර්දේශය වී ඇත. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු හෝ හිමි නමක් වෙතොත් 0312241594 හෝ 0713465569 දුරකථන අංක වෙත දන්වන්නැයි ඇයගේ දෙමව්පියෝ ඉල්ලීමක් කරති.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.