Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිල්ලවල ආසිරි පතා බෝධි පූජාවක්

කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාමය 1910 වසරේදී අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුර බෝධියක් ලෙස ගැල් කරත්තවලින් වඩමවා ගෙනවිත් රෝපණය කරන ලද පැරැණි බෝධියක් අදත් වැඩ වසති. 2010 වසරට අවුරුදු 100 ක් සපිරෙන එම බෝධීන්වහන්සේට ආශිර්වාද බෝධි පූුජාවක් විහාරාධිපති ඕනෑගම නන්දරතන හිමියන්ගේ් අනුශාසනා පරිදි 2010 පෙබරවාරි 21 දින පසුවරු 6 ට පැවැත්වේ. ‘සමගි පැතුම්’ ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතියේ ප්‍රධානත්වයෙන් නෙලුම් මල් වට්ටි 100 ක් පහන් සුවඳදුම් භාජන 100 ක් සමග කප්රුක් පූජාවක් සහ බෝධි පූජාවක් සිදු කැරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.