Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලෝක බෞද්ධ සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 90 වන සංවත්සරය අති උත්කර්ශවත් අන්දමින් පසුගියදා එම සම්මේලන මූලස්ථානයේදී පවත්වන ලදී.

එම සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ආරාධනාව පරිදි ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ෆාන් වන්නමෙත්ති මහතා ඇතුළු විශේෂ දුත පිරිසක්ද මේ සඳහා සහභාගි වූහ. මෙහිදී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා සහ ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ෆාන් වන්නමෙත්ති මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී තීරණය කර ඇත්තේ 60 වන ලෝක බෞද්ධ සමුළුව මේ වසර අවසානයේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමටයි. බෞද්ධයින් වැඩි පිරිසක් වෙසෙන ශ්‍රී ලංකාවාසී අප සැමට මෙය ඉමහත් ගෞරවයකි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.