Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් මහා නායක පදවියට පත් වී වසර දහයක් සපිරීම නිමිත්තෙන් උන්වහන්සේට සෙත් පැතීම


අස්ගිරි පාර්ශ්වයේ මහා නා යක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමියන් වෙත හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා තිළිණයක් පිළිගැන් වූ අවස්ථාව.


ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතින් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතා තිළිණයක් ලබා ගත් අවස්ථාව.

පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් මහා නායක පදවියට පත් වී වසර දහයක් සපිරීම නිමිත්තෙන් උන්වහන්සේට සෙත් පැතීම සහ තෛ‍්‍රනිකායික මහ නාහිමිවරුන්ට සෙත් පැතීම සඳහාවූ පින්කමක් බෞද්ධයා රූපවාහිනියේ අනුග්‍රහයෙන් පසුගියදා පැවැත්විණි. කොළඹ 07 සම්බෝධි විහාරයේ දී පැවැති එම පින්කම ශ්‍රී සම්බෝධි විහාරාධිපති දරණාගම කුසල ධම්ම නාහිමියන්ගේ සංවිධායකත්වයෙන් පැවැත්විණි. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමි, අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නා යක අග්ග මහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක වේවැල්දෙණියේ මේධාලංකාර මහ නා හිමි ,අම්බලංගොඩ සුමංගල මහ නාහිමි, විද්‍යොදය පරිවේණාධිපති බලංගොඩ සෝභිත නාහිමි සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා, නාවික හමුදාපති තිසර සමරසිංහ මහතා, පොලිස්පති මහින්ද බාලසූරිය මහතා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා, ටෙලිකොම් සභාපති ලීෂාද සිල්වා සහ ලාෆ් සමාගමේ සභාපති සේගුපිටිය යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

 

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.