Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 දඹදිව වන්දනා ගමනක්

එහෙත් බුදු පියාණන් වහන්සේ ළං වත්ම එහි තිබූ ගස් වැල් උන්වහන්සේ දෙස නැමී වන්දනා කරන්නට විය. සියලු වෘක්‍ෂයන්හි වූ විවිධ පැහැ පුෂ්පයන් බිමට වැටී මලින් කළ ඇතිරිල්ලක් නිර්මාණය විය. මුළු පරිසරයම අමුතුම ආලෝක දහරාවකින් ආලෝකවත් වූවාක් වැනි විය. මේ විශ්මිත සිදුවීම් මාලාව සමඟ පස්වග තවුසන්ට තම තීරණයේ පිහිටා සිටින්නට නොහැකි විය.ඉබේම ඔවුහු බුදු පියාණන් වහන්සේ දෙපා මුල වැඳ වැටුණාහ.

අනන්ත වූ සංසාර ගමනේදී බෝසතාණන් වහන්සේ විවිධ උත්පත්තීන් ලද බව බෞද්ධ ඉතිහාසය පෙන්වා දෙයි.

සසර ගමනේ එක් අත් භවයකදී මුවකු වී ඉපිද ඇත. ඒ මුවා මුව රැලක නායකයා බවට පත්වූ අතර රන්වන් පැහැයෙන් යුත් සිරුරින් හා රිදී පැහැයෙන් යුත් අංතට්ටු වලින් යුතු සුවිශේෂී පෙණුම නිසා මුව රංචුවෙහි නායකත්වය නිරායාසයෙන් ලැබිණි. එසේම නිග්‍රෝධ මිග යන නමද එම මුව නායකයාට ලැබිණි.


ගන්ධ කුටිය

එවකට බරණැස් නුවර රජකළ බ්‍රහ්මදත්ත නම් රජු මුව දඩයමට ලොල් වු රජකු විය. දිනපතා තම හේවායන් සමඟ මුව දඩයමේ ගොස් මුවන් මරා කෑම ඔහුගේ සිරිත වූ නිසා සුවිසල් මුව රංචු ශීඝ්‍ර විනාශයකට ලක්වෙමින් තිබූ හෙයින් මුව රංචුවේ නායකයන් විසින් කතිකා කර ගෙන දිනකට එක් මුවා බැගින් රජුගේ මුළුතැන් ගෙට ගොස් ඔහුගේ ආහාරය පිණිස තම දිවි පූජා කිරීමට කතිකා කර ගත්හ. මේ ක්‍රියාවලිය සිදුවීගෙන යද්දී එක් දිනක් වාරය පැමිණියේ ගැබ්බර මුවැත්තියකය. ඇය අයත් වුයේ වෙනත් මුව රැලකටය. ඇය තම නායක මුවා අමතා පැටවුන් බිහිකරන තුරු අභයදානය දෙන ලෙසත් එතෙක් වෙනත් මුවන් රජුගේ දෛණික මාංශ ගිජු බව සපුරාලීම පිරිස කැමැති කරවා ගන්නා ලෙසත් ඉල්ලීය.

එම නායක මුවාගේම නිහඬ බව නිසා අසරණ වූ මිග ගැබිණිය “නි‍්‍රග්‍රොධ මිග“ නම් වූ රන්වන් පැහැයෙන් බබලන මුව නායකයා හමුවී තම දුක්ගැනවිල්ල ඵලකලාය.

ඒ අනුව ඇයට එහි නොයන ලෙස උපදෙස් දුන් “ නිග්‍රෝධ “ නම් වූ එම මුව නායකයා එදින බ්‍රහ්මදත්ත රජුගේ මුළුතැන්ගෙය අබියසට ගියේය. සුපුරුදු මාංශලෝලීත්වයෙන් මඩනා ලද රජු තවත් නැවුම් මුව මසක රස විඳීමේ අතෘප්තිකර ආශාවෙන් යුතුව මුවන් පැමිණෙන දොරකඩට අවිපතද අමෝරා ගෙන පැමිණියේය.ඔහු දුටු දසුණින් තිගැස්සී ගියාක් මෙන් විය.

හඹාගොස් අල්ලාගත නොහැකි බලසම්පන්න මුවනායකයා, පැමිණ සිටීමෙන් රජු විශ්මයට පත් වූවා පමණක් නොව මුව රජුගේ ප්‍රභාවත් භාවයෙන් අවට පරිසරය පවා නැවුම්ව ඇති සෙයක් දැනිණි. “ඇයි? මේ ඔබ ආවේ “ රජු මුව රජු පිලිවිසීය.

“ අද ඔබ තුමාගේ මස සඳහා “ දිවි පිදීමට නියමිතව ඇත්තේ වෙනත් මුව රංචුවකට අයත් ගැබ්බර මුවැත්තියකටය.ඇයගේ කුස සිටින පැටවුනට මෙම මිහිපිටට බිහිවී ජීවත්වීමේ අයිතියක් ඇත. ඉපදීමට සිටින දරු පැටවුන් මරාකෑම ඉතා පාප කර්මයකි. එනිසා ඇයට අභයදානය දී ඒ වෙනුවට මා මරා කා ඔබගේ කුස පුරවා මනදොල සපුරා ගන්න “

රජු නොසිතූ® දෙයක් සිදුවන බව දැනුණි. මෙතරම් රූමත් සතා මරා කෑවොත් එය අයෝග්‍යයැයි සිතූ රජු මුව රජ අමතා “එසේ නම් මම ඇයටත් , ඔබටත් අභයදානය දෙමි” ඔබලා වනයේ රැඳී වෙනත් මුවන් එවන්න .

“මහරජතුමණි, මම ඇයගේ ජීවිතය රැක ගැනීම උදෙසා මගේ දිවි පුජා කරන බව මා දැන් ප්‍රකාශ කොට හමාරය. මට මගේ සහෘදයන් පාවාදී ජීවත්වීම මටම අපි‍්‍රයය.ඔබතුමා අභයදානය දෙන්නේ නම් සමස්ත මුව සංහතියටම දෙන්න. එය අපහසුනම් මා දැන්ම මරා අනුභව කරන්න.

මුව රජුගේ අභීත බවත්, සාධාරණ බවත් අපමණ සේ අගය කළ බ්‍රහ්මදත්ත රජු එවක් පටන් මුව දඩයමින් වලකින බව පලකොට මුවන් සැමට අභය දානය දුන්නේය. ඒ හේතුව නිසා “ මිගදාය “ ලෙස වනපෙත ඉතිහාසයට එක්විය.

ඉන් සියවස් ගණනාවකට පසුව අසිරිමත් බුද්ධගයාවේදී බුද්ධත්වය ලද බුදුරජාණන් වහන්සේ ද තම ප්‍රථම ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම පිණිස තෝරාගත්තේ බරණැස ඉසිපතන මිගදායයි.

බුද්ධ චරිතයේ අසිරිමත් සිදුවීම් මුලින්ම සිදුවූ ස්ථානය ලෙස මෙය හැඳින්විය හැකිය. බුද්ධත්වයට පත්වූ විගස ප්‍රථම ධර්මදේශනය කා සඳහා කරන්නේ දැයි සිතා බැලීමේදී පස්වග මහණුන් තවමත් යථාර්ථය අවබෝධ කරගෙන නැති බව දිවැසින් දුටු බුදුපියාණන් වහන්සේ ඔවුන් සඳහා තම ප්‍රථම ධර්මදේශනය පැවැත්විය යුතු බවට නිගමනය කොට බරණැසට වැඩම කළහ.

බුදුපියාණන් වහන්සේ ඈත වඩිනු දුටු පස්වග මහණුන් , උන්වහන්සේ තම උත්සාහය අත්හැරදමා පරාජය වී තමන් වෙත එන බව සිතා ගරු නොකිරීමට තීරණය ගත්හ. රළු වදනින් උන්වහන්සේ අමතන්නටද සිතා ගත්හ.

“එහෙත් බුදුපියාණන් වහන්සේ ළං වත්ම එහි තිබූ ගස් වැල් උන්වහන්සේ දෙස නැමී වන්දනා කරන්නට විය. සියලු වෘක්‍ෂයන්හි වූ විවිධ පැහැ පුෂ්පයන් බිමට වැටී මලින් කළ ඇතිරිල්ලක් නිර්මාණය විය. මුළු පරිසරයම අමුතුම ආලෝක දහරාවකින් ආලෝකවත් වූවාක් වැනිවිය. මේ විශ්මිත සිදුවීම් මාලාව සමඟ පස්වග තවුසන්ට තම තීරණයේ පිහිටා සිටින්නට නොහැකි විය.ඉබේම ඔවුන් බුදුපියාණන් වහන්සේ දෙපා මුල වැඳ වැටුණාහ.

බුදුපියාණන් වහන්සේ පස්වග මහණුන් වෙත දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළහ.

ගහකොළ පමණක් නොව මිගදායේ මුව පොව්වන් පවා ඉමහත් සංයමයකින් යුතුව මෙම අසිරිමත් සිදුවීම නැරඹූහ. දම්සක් පැවතුම් සූත්‍රය අවසන් හිකොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් විය. මෙවන් අසිරිමත් පින්බිමක් ජීවිතයේ එක් වරකට හෝ දැක බලා වැඳ පුදා ගැනීමට ඇත්නම් මොන තරම් වාසනාවක්ද සතුටක්ද, සැනසීමක්ද.

අද ඒ වාසනාව භාග්‍යය අපේ ශ්‍රී ලංකා වාසි බෞද්ධයන්ට අත ලඟට පැමිණ ඇත. කොළඹ (කටුනායක) සිට ඉතා කෙටි කාලයකින් කෙලින්ම බරණැස වෙත යාමේ භාග්‍ය උදාවී ඇත. ඒ අපේ ගුවන් සේවය වන “මිහින් ලංකා “ සෑම සතියකම බදාදා දිනවල කොළඹ බරණැස ගුවන් ගමන් පැවැත්වීම නිසායි.

බෞද්ධයන්ගේ අයිතිය අගයන, පිරිසුදු බෞද්ධ ජනනායකයකු වූ ජනාධිපතිතුමන්ගේ අදහසක් අනුව හැකිතරම් ලාභදායි ගුවන් ගමන් සේවාවක් ශ්‍රී ලාංකීය ජනතාවට ලබාදීමේ අරුමුණින් මිහින් ලංකා ගුවන් සේවය ඇරඹීම නිසා මෙම සේවාව ඇරඹිය හැකි විය. වරාය හා ගුවන් සේවා අමාත්‍ය චමල් රාජපක්‍ෂ මැතිතුමා විෂය භාර අමාත්‍යවරයා ලෙස මෙම ගුවන්සේවාව නිවැරැදිව හා වඩාත් ඵලදායි ලෙස පවත්වාගෙන යාමට නිරතුරු මඟ පෙන්වමින් උපදෙස් ලබාදීම හා අවශ්‍ය සියලුම සහාය ලබා දීම ශුභ අනාගතයක හොඳ පෙර නිමිත්තක් බව සඳහන් කිරීම සුදුසු යි.පළපුරුදු ගුවන් සේවා පරිපාලකයෙකු මෙන්ම වත්මන් ශ්‍රී ලන්කන් සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා මිහින්ලංකා සභාපති ලෙසද පත්කිරීම අතිශය වැදගත් ඵලදායි ය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.