Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහමින් තොර සමාජය සුවඳ නැති කැලෑ මලකි

දහම් පාසල් අඩපණ වීම නිසා දරුවන් ගුණ දහමින් පිරිහුණු අසංවර, අකීකරු, පිරිසක් බවට පත් වීම නොවැළැක්විය ය හැකි ය. එම නිසා දහම් පාසල් රැක ගැනීමට රජය මෙන්ම මහා සංඝ රත්නයද ඉදිරිපත් විය යුතු ය. බුදු දහම අනුව හැඩගැසුන ගොඩනැඟුණු සංස්කෘතියක් සිංහල බෞද්ධයිනට ඇත්තේ ය. එය, බෞද්ධ සිරිත් විරිත්, සාරධර්ම ගුණධර්ම, හරපද්ධතිය ආදී නම් වලින් හඳුන්වති. මේ ගුණධර්ම දරුවනට ලබා දිය යුත්තේ බුදු දහම හා සමඟය. එහිදී දහම් පාසල් ප්‍රධාන වන්නේ ය.

ලාංකීය දූ දරුවන් සදාචාර දහම් මඟ ඔස්සේ සුචරිතවත් සහන ශීලී සමාජයකට හුරු කරන්නේ යොමු කරන්නේ ඉරුදින දහම් පාසල් තුළින් ය. බෞද්ධ ක්‍රිස්තියානි, හින්දු ඉස්ලාම් යන හැම ආගමකම වර්ගයා තම සංස්කෘතියට හා අදහන ආගමට අවනතව හඩු ගසා ගැනීමට මේ දිනය යොදා ගනිති. ඒ බව පහත සඳහන් සටහනින් පැහැදිලි වන්නේ ය.

ආගම දහම් පාසල සිසුන් ගුරුභවතුන්

 

ආගම      දහම් පාසල		සිසුන්		ගුරුභවතුන්
‍ෙබෟද්ධ 		9512		22,00000	1, 50, 000
ක්‍රිස්තියානි 	868		2,23,800	12,560
හින්දු 		1102		134874		5757
ඉස්ලාම් 		415		165000		3955
එකතුව		11897		27,23671	1,72272

ඉහත සඳහන් සංඛ්‍යාලේඛන ආගමික අමාත්‍යාංශයේ කාරුණික අනුග්‍රහයෙන් ලබාගත් බවත් අපට එම තොරතුරු දිස්ත්‍රික්ක වශයෙන්ද එවා ඇති බවත් කෘතඥ පූර්වකව සඳහන් කරමු. ඒ විස්තර අනුව මන්නාරම, මුලතිව්, මඩකලපුව සහ යාපනය එකද දහම් පාසලක් නැති දිස්ත්‍රික්ක ලෙස සටහන්ව ඇත. අවට දහම් පාසල් සංඛ්‍යාව ඇත්තේ වවුනියාව දිස්ත්‍රික්කයේ ය. එහි දහම් පාසල් 16 සහ සිසුන් ගණන 2033 ක් වන අතර ගුරුවතුන් 143 කි.

වෙසක් පොසොන් වැනි උතුම් පොහෝ දිනයන් ද උපකාරක පන්ති පවත්වනු ලබයි. දහම් පාසල් යායුතු නිසා පන්ති පැමිණිය නොහැකි බව කියන දරුවන්ට, එහෙම නම්, දහම් පාසැලෙන්ම ඉතුරු හරියද කරගන්නා ලෙස තර්ජනය කරන ඇතැම් උපකාරක පන්ති වල ගුරුවරු සිටින බව මව්පියෝ කියති. එපමණක් නොව ඇතැම් දරුවනට පන්ති ගාස්තු නියමිත දින ගෙවා ගැනීමට අපහසු අවස්ථාවලදී සිය ගණන් ළමයින් සිටින පන්තිය ඉදිරිපිටට ගෙන ලජ්ජාවට පත් කරන බවත් මෙය තරුණ, ශිෂ්‍යාවනට විඳ දරා ගැනීමට නොහැකිව අඬා වැටෙන බවත් කියති. දවසක් පන්තියට පැමිණියත් මුළු මාසයටම ගාස්තුව අයකරන ෂයිලොක් වරුන් ද සිටින බව කියති.

මෙවැනි ශිල්ප කඩකාරයන් මාසය ආරම්භයේම මාසික ගාස්තුව අය කරගනී. මෙයින් ඔවුන්ගේ පරමාර්ථය මැනවින් විද්‍යාමාන වේ. ඇතැම් උපකාරක පන්ති තරුණ තරුණියන් නිදහසේ හැසිරෙන තිප්පලවල් බවට පත්ව ඇති බවද කියති. ඒවාට නියම පහසුව ජංගම දුරකථන ජාවාරම මගින් සපයන්නේ යැයි ද කරන තවත් චෝදනාවකි.

අද දිනපතා පාසල් ගුරුභවතුන් ද උපකාරක පන්ති ව්‍යාපාරය මේ තරම් රටපුරා ව්‍යාප්තවීමට වගකිව යුතු වන්නේය. මීට දසක 6 – 7 කට පෙර අප අකුරු කරන කාලයේ සාමාන්‍යපෙළට පමණක් අමතර පන්ති පාසල් කාලයෙන් පසු පැවැත් වූයේ, වාර්ෂික වාර සටහන් ආවරණය කර ගැනීමට අපහසු බව පෙනෙන විටය. ඒත් ඒ ගාස්තු ආය කිරීමකින් තොරවය. බොහෝ විට සියලු පාඩම් තුන්වන වාරය අවසන් වන විට අපේ ගුරුතුමෝ අවසන් කොට ඇත්තාහ. අද මෙන් එදා අපේ ගුරුභවතුනට මෙතරම් අතිවිශාල වැටුපක් ලැබුණේ ද නැත. ඒත් රාජකාරිය දේවකාරියක් කොට සැළකුවෝ ය.

මුදලට අධ්‍යාපනය විකුණන, නිසා අද සිසු දරුවන් තුළ ගුරු ගෞරවය ඇත්තේම නැත. අප ඉගන ගත්තේ මුදලට නිසා වෙළෙන්දන්ට කුමන ගෞරවයක් ද දරුවන්ගේ උත්තරයද අපට ඉවත දැමිය නොහැකි ය. මේ නිසා දිනපතා පාසල තම යුතුකම් ඉටු කරන්නේදැයි සිතා බැලිය යුතු ය. දුප්පත් දරුවන් තම මවුපියන් නොවිඳිනා දුක් විඳිමින් පන්ති ගාස්තු සොයා දී ඉගෙන විභාගයට වාඩි වී ලියාගත් උත්තර පත්තර, අගැයීම් අත්හිටුවා වර්ජනය කිරිමට ගුරුවරුන්ට අයිතියක් තිබේදැයි විමසා බැලිය යුතු ය.

මේ නිසා වාර්තමාන ගුරුවරයා තමන්ගේ ආත්ම ගෞරවය කෙළසාගෙන ඇති බව මෙයින් මනාව විද්‍යාමාන වන්නේය. මුළු ගුරු සනුහරයම එසේ යැයි අපි නොකියමු.

වටිනා වදනක් ගන්නා වැටුපටත් වැඩියෙන් දරුවන් වෙනුවෙන් කැපවූ කටයුතු කරන උතුම් ගුරු උතුමන්ද ඒ අතර වේ. නමුත් ශිල්ප වෙළෙන්දන්ට තරම් ඉල්ලුමක් ජනපි‍්‍රයත්වයක් ඔවුනට නැත. එහෙත් දරුවන්ගේ ගෞරවය හැමදා ඔවුන් සතු වන්නේ ය.

දහම් පාසල් අඩපණ වීම නිසා දරුවන් ගුණ දහමින් පිරිහුණු අසංවර, අකීකරු, පිරිසක් බවට පත් වීම නොවැළැක්විය ය හැකි ය. එම නිසා දහම් පාසල් රැක ගැනීමට රජය මෙන්ම මහා සංඝ රත්නයද ඉදිරිපත් විය යුතු ය.

බුදු දහම අනුව හැඩගැසුන ගොඩනැඟුණු සංස්කෘතියක් සිංහල බෞද්ධයිනට ඇත්තේ ය. එය, බෞද්ධ සිරිත් විරිත්, සාරධර්ම ගුණධර්ම, හරපද්ධතිය ආදී නම් වලින් හඳුන්වති. මේවා ඕනෑම ආගම් අදහනකෙනෙකුට පිළිපැද්දාට යහපතක් විනා අයහපතක් සිදු නොවේ. මේ ගුණධර්ම දරුවනට ලබා දිය යුත්තේ බුදු දහම හා සමඟය. එහිදී දහම් පාසල් ප්‍රධාන වන්නේ ය.

පන්සල් ආශ්‍රයෙන් දහම් පාසල් පැවැත් වූවද මුළු මහත් සං¼ඝරත්නයටම බෞද්ධයන් පිළිබඳ වගකීමෙන් නිදහස් විය නොහැකි ය. එහෙයින් ඉරුදින පමණක් නොව දෙපෝදිනයන්ද උපකාරක පන්ති පැවැත්වීමට යොදා ගැනීමට විරුද්ධ නැගී සිටිය යුතු ය.

අද ගම්බද දහම්පාසල් දිනෙන් දින පිරිහීමට පත්ව යන්නේ ය. වර්ෂයට තබා වාරයට නියමිත පාඩම් ගණවත් ආවරණය කරගත නොහැකි ය. උදේ 10.30 වන විට තුන්වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන් උපකාර පන්ති කරා යාමට අවසර පතයි. ඇතැම් ඉහළ පන්තිවල දරුවන් ඉරුදිනද උදේ සිට උපකාරන පන්ති කරා පිටත්ව ගොස් ඇත. ඉරුදිනත් දෙපෝයත් උපකාරක පන්ති පැවැත්වීම තහනම් නොකර බෞද්ධ දරුවන් සුමගට ගත නොහැකි ය. මේ ගැන රජයේ අවධානය යොමු කිරීම සංඝරත්නයේ වගකීමක් වේ.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.