Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ දුරුතු පූජෝත්සවයට පිරිත් දේශනාව ඇරැඹේ

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ දී තිස් පෑ හතේ පරිත්‍රාණ ධර්ම දේශනාව 22 වන දා ඇරැඹුණු අතර මෙම 23 සහ 24 යන දිනවලදී ද පැවැත්වේ.

24 වන දා පරිත්‍රාණ ධර්ම දේශනාවේ සූත්‍ර දිනය වන අතර 25 වන දා දොරකඩ අස්න හා අනුශාසනා දේශනාව පැවැත්වේ. කොටහේන සාම විහාරාධිපති කෝට්ටේ කලාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික මාදම්පිටියේ විමලවංශ හිමියන් විසින් අනුශාසනා අස්න පවත්වන අතර දොරකඩ අස්න කැලණිය සිංහාරමුල්ල පදිංචි විමල ගුණරත්න සහ නාමලී සන්ධ්‍යා විමලගුණරත්න දම්පතීන්ගේ පුත් නිකොලා විමල ගුණරත්න කුමරුවා විසින් පවත්වනු ලැබේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.