Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - තණ්හාව - රාගය හෙවත් ආශාව මුල්කොටගෙන සිතත් ක්‍රියාවනුත් කෙලසීමට පත්වෙයි. මේ ක්ලේශ ධර්ම දහයක් - ධර්මයෙහි සඳහන් වේ. ඒ ක්ලේශ ධර්ම දහය නාමික වශයෙන් සඳහන් කරන්න.

පිළිතුර - ලෝභ ,දෝෂ,මෝහ , මාන , දිට්ඨි , විචිකිච්ඡා , ථීන ,උද්ධච්ච , අහිරික අනොත්තප්ප

ප්‍රශ්නය - කාමරාග - ව්‍යාපාද යන සංයෝජන නැතිවන්නේ කුමන මාර්ග ඵලයකට පැමිණීමෙන්ද?

පිළිතුර - අනාගාමී මාර්ග ඵලයට පැමිණීමෙනි.

ප්‍රශ්නය - සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන සතර කර්ම ක්ලේශ මොනවාද?

පිළිතුර - ප්‍රාණඝාත - අදත්තාදාන - කාම මිථ්‍යාචාර මුසාවාද යනු එම සතර කර්ම ක්ලේශ වේ.

ප්‍රශ්නය - පරමාර්ථ ධර්ම මුල්කරගෙන දේශනා කරන ලද ධර්මය හැඳින්වෙන්නේ කුමන නමකින්ද?

පිළිතුර - අභිධර්මය වශයෙනි.

ප්‍රශ්නය - මරණින් මතු නැවත උපතක් නැතැයි සිතා ඉන්ද්‍රියයන් සතුටු කිරීම පිළිබඳ තෘෂ්ණාව හැඳින්වෙන්නේ කුමන නමකින්ද?

පිළිතුර - විභව තණ්හාව ලෙස හැඳින්වෙයි.

ප්‍රශ්නය - පව් කම් කළ උපත ලබන ස්ථාන හතරක් ගැන ධර්මයෙහි සඳහන් වේ. එම ස්ථාන සඳහන් කරන්න.

පිළිතුර - නරක තිරිසන් - පේ‍්‍රත අසුර යන සතර වේ

ප්‍රශ්නය - කුසල් සිතිවිලි වලක්වන සිතිවිලි 05 ක් ගැන සඳහන් වේ.මේවාට පංච නීවරණ ධර්ම යනුවෙන්ද දැක්වේ. එම නීවරණ ධර්ම මොනවාද?

පිළිතුර - කාමච්ඡන්ද - ව්‍යාපාද , ථීනමිද්ධ , උද්ධච්ඡ කුක්කුච්ච , විචිකිච්චා

ප්‍රශ්නය – චක්‍ෂුරාදී ඉන්ද්‍රියයන් ඔස්සේ පාපචේතනා පහළ නොවන පරිදි හික්මීම හැඳින්වෙන්නේ කුමන නමකින්ද ?

පිළිතුර - ඉන්ද්‍රිය සංවර සීලය ලෙස හැදින්වේ.

ප්‍රශ්නය - බුද්ධ කාලීන පැරණි භාරතය ප්‍රබල රාජ්‍ය 04 කට බෙදී තිබුණි. ඒ රාජ්‍ය 04 මොනවාද?

පිළිතුර - මගධ, කෝසල, වත්ස, අවන්ති යනු එම රාජ්‍ය හතර වේ.

ප්‍රශ්නය - ඇසළ පෝදිනයේ සිදුවුණු ශාසනික සිද්ධීන් කීපයක් සඳහන් කරන්න.

පිළිතුර – සිදුහත් කුමරු, මවුකුස පිළිසිඳ ගැනීම, අභිනිශ්ක්‍රමණය , දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම. මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කිරීම, යමා මහ පෙලහර පෑම යනු කරුණු ප්‍රධාන වේ.

ප්‍රශ්නය - බුදු ගුණ විස්තර කරමින් විද්‍යාචක්‍රවර්ති පඬිවරයා විසින් පොලොන්නරු යුගයේ රචනා කරන ලද ග්‍රන්ථය කුමක්ද?

පිළිතුර - බුත්සරණ

ප්‍රශ්නය - තම දරුවා මළ සෝකයෙන් පසුවුණු එක්තරා ස්ත්‍රියක් බුදුරජාණන් වහන්සේ ගේ මහා කරුණාව නිසා සැනසිලි සුවය ලබා පැවිදිව රහත්ඵලයට ද පත්වූවාය. ඇය කවුද?

පිළිතුර – කිසාගෝතමි

ප්‍රශ්නය - බහුශ්‍රැත ශ්‍රාවිකාවන් අතර ප්‍රධානත්වය ලබා සිටියේ කවුද?

පිළිතුර - ඛුජ්ජුත්තරා ශ්‍රාවිකාව

ප්‍රශ්ණය- පැරැණි කැටයම් අතර ‘මුරගල’ මෙයින් අදහස් කෙරෙන්නේ කුමක් ගැනද?

පිළිතුර - බෞද්ධ සිද්ධස්ථානයක ට පිවිසෙන පියගැට පෙළ දෙපස දක්නට ලැබෙන ආරක්‍ෂක රූපයක් ඇතුළත් කැටයමකි.

ප්‍රශ්නය - අනිමිස ලෝචන පූජාව කෙටියෙන් විස්තර කරන්න.

පිළිතුර - බුද්ධත්වය අවබෝධ කරගැනීමට සෙවණ දුන් බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙළා බලා සිට කළ ගුණ දැක්වීමය.

ප්‍රශ්නය - බුද්ධ කාලයේ භාරතීය සමාජය කුල නැත්නම් වර්ණ වශයෙන් කොටස් කීයකට බෙදී තිබුණා ද? ඒවා මොනවාද?

පිළිතුර - කොටස් සතරකි. බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රීය , වෛශ්‍ය , ශුද්‍ර, යනු එම සිවු කොටස වේ.

ප්‍රශ්නය - සමනළ කඳු මුදුනේ සිරිපා සටහන පිහිටුවූවේ බුදුරජාණන් වහන්සේ ගේ කීවෙනි ලංකාගමනේද?

පිළිතුර - තුන්වන ලංකා ගමනේ දී මණිඅක්ඛික නාරජු ගේ ආරාධනයෙන් කැලණියට වැඩි ගමනේ දීය.

ප්‍රශ්නය - සිදුහත් කුමරා ගේ ජන්ම භූමිය අයත් වන්නේ දඹදිව කුමන ජනපදයට ද? පැහැදිලි කරන්න.

පිළිතුර - කෝසල ජනපදයට අයත් ශාක්‍ය ජනපදයේ කිඹුල්වත්පුරයයි.

ප්‍රශ්නය - සුද්ධෝදන රජතුමා තම පුත් සිදුහත් කුමරා කවරෙකු වෙනවා දැකීමට වැඩි ආසාවක් දැක්වූයේද?

පිළිතුර - සක්වති රජෙකු වෙනවා දැකීමට බලවත් කැමැත්තක් තිබිණි.

ප්‍රශ්නය - අංගුලිමාල දමනය සිදුවුණේ බුදුරජාණන් වහන්සේ ගේ කීවෙනි වස් කාලයේද?

පිළිතුර - 20 වෙනි වස් කාලයේ දී ය.

ප්‍රශ්නය - බුදුගුණාලංකාරය රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද?

පිළිතුර - වීදාගම මහා මෛත්‍රෙය හිමිපාණන් විසිනි.

ප්‍රශ්නය - මහින්දාගමනයෙන් පසු අපේ රටේ බිහිවුණු මුල් ම අධ්‍යාපන ආයතනය කුමක්ද?

පිළිතුර - අනුරාධපුර මහා විහාරය

ප්‍රශ්නය – කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අතින් වටාපතක් පිළිගෙන ලක්දිව වැඩසිටි පළමුවන සඟරාජ මාහිමිපාණන් වහන්සේ කවුද?

පිළිතුර – වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සිරි සරණංකර සඟරාජ මාහිමිපාණන් වහන්සේ

ප්‍රශ්නය - කාන්තාවනට මෙහෙණි සස්නට ඇතුළු වීමේ වරප්‍රසාදය බුදුරජාණන් වහන්සේ වෙතින් ලබාදීමට උනන්දු වුණේ කවුද?

පිළිතුර - ආනන්ද හාමුදුරුවෝ

ප්‍රශ්නය - සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන විට පසුවූයේ කීවෙනි වියේද?

පිළිතුර - 35 වන වියෙහිදී .

ප්‍රශ්නය - අනුරාධපුර පූජනීය භූ®මියේ බෞද්ධ බලය තහවුරු කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ තැනැත්තා කවුද?

පිළිතුර - බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා

ප්‍රශ්නය – බුද්ධ කාලයේ පිරිස් බලය අතින් මහ පිරිස් ඇති ව සිටි ශ්‍රාවකයන් වහන්සේ කවුද?

පිළිතුර - උරුවෙල කාශ්‍යප තෙරුන් වහන්සේ

ප්‍රශ්නය - පස්වන සියවසේ මහානාම රජ දවස ලංකාවට පැමිණි චීන ජාතික දේශාටකයන් වහන්සේ කවුද?

පිළිතුර - පාහියන් භික්ෂූන් වහන්සේ

ප්‍රශ්නය -බෝසතාණන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව විස්තර කෙරෙන අපේ ජනපි‍්‍රය ජාතක කථාව කුමක්ද?

පිළිතුර - උම්මග්ග ජාතකය

ප්‍රශ්නය - බුද්ධ කාලයේ ජන සම්මත සමූහාණ්ඩු ක්‍රමයක් පැවතියේ පැරැණි දඹදිව කුමන ප්‍රදේශයේද?

පිළිතුර - වජ්ජිරට (විශාල මිථිලා )

ප්‍රශ්නය - බුද්ධ පරිනිර්වාණයෙන් සියක් වසක් ගිය තැන විනය විරෝධී දසවස්තුවක් ඉදිරියෙහි තබා මහා සාසන අර්බුදයකට මුලපිරූ භික්ෂු පිරිස කවුද?

පිළිතුර - වජ්ජිපුත්තක ප්‍රධාන භික්ෂු පිරිසක්.

ප්‍රශ්නය - දෙවැනි ධර්ම සංගීතියෙහි ප්‍රධානත්වය ගත් මහා තෙරුන් වහන්සේ කවුද?

පිළිතුර - ආනන්ද හිමියන්ගේ ශිෂ්‍ය සබ්බකාමී මාහිමි.

ප්‍රශ්නය - දෙවැනි ධර්ම සංගීතිය පැවැත් වූ ස්ථානය කුමක්ද?

පිළිතුර - වජ්ජිරට - විශාල මහනුවර වාලුකාරාමය

ප්‍රශ්නය - මනසින් කෙරෙන අකුසල්වලින් එකකි අභිධ්‍යාව. එය සම්පූර්ණ අකුසලයක් වීමට අංග කීයක් අවශ්‍යද? ඒ මොනවාද?

පිළිතුර - 02 යි.අන්වස්තුවක් වීම, එය තමා සතු වේවායි ප්‍රාර්ථනා කිරීම

ප්‍රශ්නය - ධර්මානුකූල ව කුසල් සිත් සියල්ල කොටස් 04 කට බෙදේ. ඒ කොටස් 04 නම් කරන්න.

පිළිතුර - කාමාවචර කුසල් සිත, රූපාවචර කුසල් සිත, අරූපාවචර කුසල් සිත, ලෝකෝත්තර කුසල් සිත.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.