Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සංයුක්ත නිකායේ දාර්ශනික පසුබිම ගැන විමසුමක්

මුළු බුදු දහම ම ප්‍රධාන වශයෙන් කොටස් 03කට බෙදා දැක්වීමට පුළුවන. එනම්,

සූත්‍ර
විනය
අභිධර්මය ආදි වශයෙනි.

මෙම ත්‍රිපිටකය පරික්‍ෂාකර බැලීමේදී සූත්‍ර පිටකය නැවත ප්‍රධාන කොටස් 05කට බෙදා දැක්වීමට පුළුවන.

01. දීඝ නිකාය
02. මජ්ඣිම නිකාය
03. සංයුක්ත නිකාය
04. අංගුත්තර නිකාය
05. ඛුද්දක නිකාය

මේ අනුව සූත්‍ර පිටකයට අන්තර්ගත කෘතියක් හැටියට සංයුක්ත නිකාය හැඳින්වීමට පුළුවන. මෙම නිකාය ග්‍රන්ථ 5න් සුවිශේෂී කෘතියක් හැටියට සංයුක්ත නිකාය ප්‍රකට වී ඇත. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් තුන් මසකට පසු බුද්ධ ශාසනයේ පළමු ධර්ම සංඝායනාව පවත්වන ලදී. මහා කාශ්‍යප හිමියන් ප්‍රධාන භික්‍ෂූන් පන්සිය (500) නමක් එකතුවෙන් දේශ, කාල, නිදාන, වශයෙන් විසිරී පැතිරී තිබූ ධර්මය මල් වැලක මල් මෙන් ඒකරාශී කිරීම සංඝායනාවේ ප්‍රධාන කාර්යක් වූවාට කිසිදු සැකයක් නැත.

“සතත සුතත සහස්සානි
සතත සුතත සතානිච
මාසටඨි චෙව සුත්තන්තා
එසො සංයුතත සංගහො”

යන ගාථාව තුළින් ප්‍රකාශ කරනු ලබන්නේ “සත්දහස් සත්සිය දෙසැටක් (7762) සූත්‍රයන්ගෙන් සංගෘහිත වූයේ සංයුක්ත නිකාය නම්වේ” යනුවෙනි. සූත්‍ර ගැන අවධානය යොමු කිරීමේදී ඒවා දීඝ¡, මධ්‍යම, කෙටි වශයෙන් පවතී. ඒ තුළින් කෙටි සූත්‍ර සංකලනය කොට නිර්මාණය කළ කෘතිය සංයුක්ත නිකාය නම්වේ. මෙම සූත්‍ර කෙටි යැයි පැවසුවද දීඝ, මජ්ජිම, අංගුත්තර යන කිසිවකට නොබැස ඒ සියල්ල එක් රැස් කොට ගෙතූ® නිසා සංයුක්ත යැයි කීමටද පුළුවන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් හා මහ රහතන් වහන්සේලාගේ වදනින් දේශනාකළ සූත්‍ර රාශියක් අන්තර්ගත වී \නම මෙහි සුවිශේෂ ලක්‍ෂණයක් වේ. මෙම සූත්‍ර පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමේදී සූත්‍ර තුළින් පුද්ගලාර්ථ හා සමාජාර්ථය සාධනය කිරීමට මෙහි කරුණු තුළින් උත්සායක් දරා ඇති බවක් දක්නට ලැබේ.

සංයුක්ත නිකාය පිළිබඳ වැඩිදුරටත් කරුණු පරික්‍ෂාකර බැලීමේදී එය වග්ග වශයෙන් නැවත කොටස් කර දක්වයි. ඒ අනුව,

01. සගාථ වග්ග
02. නිදාන වග්ග
03. බන්ධක වග්ග
04. සළායතන වග්ග
05. මහා වග්ග

සගාථ වග්ගය ගත් කළ එය අනු කොටස් වශයෙන් නැවත කොටස් 11කට බෙදා දක්වයි.

01. දේවතා
02. දේවපුත්ත
03. කෝසල
04. මාර
05. භික්‍ඛුණී
06. බ්‍රහ්ම
07. බ්‍රාහ්මණ
08. වංගීස
09. වන
10. යක්ඛ
11. සක්ක

නිදාන වග්ග කොටස් 09කට බෙදා දැක්වීමට පුළුවන.

01. අභිසමය
02. ධාතු
03. අනමතග්ග
04. කස්සප
05. ලාභ සත්කාර
06. රාහුල
07. ලක්‍ඛණ
08. ඔපම්ම
09. භිකඛු

ඛන්‍ධක වග්ගය කොටස් 13කට බෙදා දැක්වීමට පුළුවන.

01. ඛන්‍ධ
02. රාධ
03. දිට්ඨි
04. චක්කන්ත
05. උප්පාද
06. කිලෙස
07. සාරිපුත්ත
08. නාග
09. සුපණ්ණ
10. ගන්‍ධබ්බකාය
11. වලාහක
12. වචජගෝතත
13. ඣාන

සලායතන වග්ගය කොටස් 10කට බෙදා දක්වයි.

01. සලායතන
02. වේදනා
03. මාතුගාම
04. ජමබුඛාදක
05. සාමණඩක
06.මොග්ගල්ලාන
07. විත්ත
08. ගාමිණී
09. අසංඛත
10. අඛ්‍යාකත

මහා වග්ගය නැවත අනු කොටස් වශයෙන් කොටස් 12 කට බෙදේ.

01. මග්ග
02. බොජඣංග
03. සතිපටඨාන
04. ඉන්ද්‍රිය
05. සම්මප්පධාන
06. බල
07. ඉදධිපාද
08.අනුරුද්ධ
09. ක්‍ධාන
10. ආනාපාන
11. සොතාපත්ති
12. සච්ච
 

මේ අනුව සංයුක්ත නිකායේ වග්ග විභජනය කිරීමට පුළුවන. නැවතත් මෙම වග්ග සියල්ල අතුරු වග්ගවලට බෙදී ඇතුල් වග්ග 228ක්ව පවතී. අක්‍ෂර වශයෙන් ගත් කල සංයුක්ත නිකායේ අක්‍ෂර ලක්‍ෂ 08ක් සඳහන් වී ඇත. බණවර 100ක් පවතී. මේ සියල්ල එකතුව ප්‍රතිඵලයක් වශයෙන් සංකලනයක් වශයෙන් සූත්‍ර 7762ක් වී ඇති බව කීමට පුළුවන.

“අත්තානාං සුඛනතො සුවත්තතො සවනතො සුදනතො සුත්තාණා සුත්ත සහාගතාච සුත්තං සුත්තානි අකඛාතං”

යන පාලි පාඨය විග්‍රහ කර බැලීමේදී මෙම සූත්‍රයන් තුළ ඇති වැදගත්කම විදහා දක්වයි.

“අර්ථයන් උපදවනු ලබයි” (සුචනතො)
“මනාකොට දේශනා කරනු ලබයි” (සුමුන්තතො)
“මනාකොට ශ්‍රවණය කරනු ලබයි” (සවන්තො)
“සියලු ලෝ වැසියා වෙත කරුණා,මෛත්‍රී යහපත පතුරවනු ලබයි” (සුදන්තො)
“මනාකොට ආරක්‍ෂාව ඇති කරනු ලබයි” (සූත්තාණා)

“බුද්ධ ධර්මයේ ප්‍රමාණාත්මක භාවය තීරණය කර ගැනීමට සූත්‍ර යන්න ප්‍රමාණවත් වනු ලබයි” (සූත්තසභාගතාච)

සංයුක්ත නිකාය විශාල සූත්‍ර සමුදායකින් සැදුම්ලත් කෘතියක් වශයෙන් විශිෂ්ඨත්වයෙහිලා සැලකේ. ඒ අනුව මෙයින් විශාල යථාර්ථයක් සමාජයට දීමට උත්සාහයක් එවක සිටි භික්‍ෂූන් වහන්සේ දරා ඇත. ගිහි, පැවිදි, උපාසිකා යන කාට වුවද ඇතිවන අඩුපාඩු වගේම පුද්ගල චර්යා ධර්ම විස්තරාත්මකව ඉදිරිපත් කරයි.

“ආගමිස්සන්ති අත්තත්‍ථපරත්‍ථාදයෝ එතෙනා’ති ආගමො”

යන පාලි පාඨය විමසා බැලීම තුළින් අවබෝධ වන දෙයක් නම් ආ පූව¢ ගම් ධාතුවෙන් කනට ඇසීම තුළින් ආත්මාර්ථය නැති කිරීම තුළින් පරාර්ථය ඇති වී තෘෂ්ණාව නැති වීමටද එය හේතුවක් වේ. සංයුක්ත නිකාය පිළිබඳ කරුණු විග්‍රහකර බැලීමේදී සූත්‍ර ඉතා කෙටි මෙන්ම සරල භාවයක් දක්නට ලැබේ. වංගීස, සාරිපුත්ත, නිකඛන්ත, ආරති, පෙසල, අතිමඤ්ඤ, ආනන්ද, සුභාසිත ආදී සූත්‍ර පරික්‍ෂා කර බැලීීමේදී ඒ බව තවත් තතහවුරු වේ. ඊට අමතරව ශ්‍රද්ධා ගුණය ගෙන දීඝ¡ාගමයත්, පරමාදමත්නය, ධර්‍මකථිකයනට විචිත්‍ර ප්‍රතිහාජනනය ගෙනැ අංගෝත්තර වර්‍ණනාවත් කරනු ලබයි.

සංයුක්ත නිකාය ලෞකික, ලෝකෝත්තර නොයෙකුත් ප්‍රශ්න හා විසඳුම් ත්‍රිපිටකයෙහි බොහෝ සෙයින් එන නිසා ඥාණ ප්‍රභේද දක්වන ලෙස ගාථා වලින්ම ලියා ඇත. මහා විහාර අධිපති ත්‍රිපිටකධාරී මහා තෙරුන් බුද්ධඝෝෂ ආචාරීන්ගේ ඥාණය විමසන්නට සංයුක්ත නිකායෙන් ගාථාවක්දී උන්වහන්සේගේ ඥාණය විමසූහ. එම ගාථාවේ බලය නම් ත්‍රිපිටක මැදුරෙහි නොනිවෙන පහන වන විසුද්ධි මාර්ගය වේ.

විසුද්ධි මාර්ගය මහා සාංඝික ආදී සත්ත දස නිකාය වාසීන් හා හේමවතාදී නව නිකාය වාසීන්ගේ ප්‍රහාර වළක්වමින් මහා විහාරයට රැකවල් ලත් බලකොටුව වන විසුද්ධි මාර්ගය සංයුක්ත නිකායේ එක් ගාථාවකින් මතුකර දුන් ධර්ම විෂයන්ගේ ඥාණ ප්‍රභේද පෙන්නුම් කරන ශක්ති විශේෂයක් සේ කියවේ. සංයුක්ත නිකායේ විශේෂත්වය නම් විදර්ශනා පමණක් නොව ඒ ඒ කාරණයන් පිළිබඳ විශිෂ්ඨ ප්‍රතිභාවද වේ.

මෙහි විශේෂත්වය නම් ප්‍රථම සංඝායනාවේදී ප්‍රධාන වූ මහා කසුප් තෙරුන්ට සංයුක්ත නිකාය දක්වා දුන්හ. උන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර සංයුක්ත නිකාය අර්ථ දරමින් රැකගෙන ආහ. පළමුවෙන් මෙය සංඝායනා කිරීමද මෙහි විශේෂ ලක්‍ෂණයකි.

සංයුක්ත නිකාය තුළින් පුද්ගලයාට ලැබෙන ප්‍රයෝජන නම් බුද්ධ, භාෂිත, ශ්‍රාවක භාෂිත, දේවභාෂිත, සෘෂි භාෂිත වචනයන් වුවමනාවූ විට සංයුක්ත නිකාය නිධානයක් වැනිය. ඒ ඒ කරුණු සඳහා ඉහත දැක්වූ සතර දෙනාම මෙහි දැක්වෙති. ලෞකිකයන්ට හා ශාෂනික වූවන්ට ආත්මාර්ථ හා පරාර්ථ සංසිද්ධිය පිණිස උපදෙස් සිය ගණනින් මෙහි වෙති.

ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රිය, සප්ත බොජ්ඣංග, අර්ය සත්‍ය, ප්‍රත්‍යා ධර්ම මාර්ග සතර සරල උපදෙස් අතින් බැදුවද සංයුක්ත නිකාය ඒවායින් පරිපූර්ණය. නොයෙකුත් උපදේශයන්ගෙන් සංයුක්ත නිකාය සැදුම් වේ. දේශකයන්ටද, උපදේශකයන්ටද, උපදේශ කතා කීමට සුදුසු වූ මනෝහර පද වලින් යුක්ත ප්‍රමාණයෙන් අබැටක් පමණ වූ වීර්යෙන් පැතිර සිටිනා මහා වෘක්‍ෂයක් මෙන් ධර්ම දේශකයනට විශේෂයෙන් සෑම කල්හි වැඩදායක වේ.

සංයුක්ත නිකායේ අර්ථය පිළිබඳ අවධානය යොමු කිරීමෙන් නිකායාන්තර වාසීන් සංයුක්ත නිකාය වේද භාෂාවෙන් ලියූ බවට ප්‍රකටවේ. මහායානවාදීන් කිසියම් තැනක අර්ථ විකෘති කොට ලියූ සංයුක්ත නිකායන් චීන දේශවාසීන් සිය හෙළ බසින් ලියා ගත් බවට ප්‍රකට වේ. චීන භාෂාවෙන් ලියූ සගාත වර්ගය සසඳන විට බේද වූ තැන් ඇති බව පුදුමයක් නොවේ.

මිහිදු හිමියන් අටුවා හා ත්‍රිපිටකය හෙළදිවට ගෙන ආහ. මගධ භාෂාවෙන් තිබූ බුද්ධ කාලීන අටුවා හෙළදිව ආචාර්යවරු සිංහල බසින් ලියූහ. බුද්ධඝෝෂ මහ තෙරුන් දේශාන්තර වාසීන්ගේ ප්‍රයෝජනය සඳහා පාලි අටුවා ඉවහල් වේ.

එම භාෂාවෙන් තිබෙන ත්‍රිපිටක දහම සිංහල බසින් ගන්නා කල මේ කාලයේ සංයුක්ත නිකාය පිණිස ද එම උපකාරය පිණිසද වෙන යමක් නැත. මුලින් කී නිකායාන්තර වාසීන්ගේ ව්‍යක්ඛ්‍යාන ඇති නිසා විකෘති වූ අර්ථ ඇත්තේ නොවේ. මහා විහාර වාසීන්ගේ ක්‍රමය ආශ්‍රය කොට ඇති නිසා මෙහි අර්ථයෙහි පරම්පරා සුද්ධි ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.