Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාවීදළුපොත පින්කම් මාලාවක්

කුරුණෑගල මාවීදළුපොත 10 වන පටු මගේ සිරි සුගත සෙනසුන මගින් සංවිධානය කරන අටවිසි බුද්ධ පූජා ධර්ම දේශනා සහිත පින්කම් මාලාවක් ජනවාරි 1 වන දා ඇරැඹුනු අතර එය දිනපතා මෙම 24 වන දා දක්වා පැවැත්වේ. දිනපතා රාත්‍රී 7 ට අටවිසි බුද්ධ පූජාවද අනතුරුව දම් දෙසුමද පැවැත්වේ.

මෙම 14 වනදා අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමි, 15 වන දා සුදස්සී හිමි, 16 වන දා පදලංගල ධම්මදේව හිමි, 17 වන දා මහමෙව්නාවේ මංගල හිමි 18 වන දා ගන්තුනේ අස්සජි නාහිමි 19 වන දා කිතුල්ගොල්ලේ ඤාණරතන නාහිමි 20 වන දා එල්ලාවල මේධානන්ද නාහිමි 21 වනදා කොටපොළ අමරකිත්ති නාහිමි 22 වන දා බොරැල්ලේ අතුල නාහිමි 23 වන දා කැකුලාවල වනරතන හිමි දම් දෙසුම් පවත්වති.

23 වන දා රාත්‍රී මහ සඟරුවනට අතිගරු ජනාධිපතිතුමාට ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරුවන්ට සහ සියලුම රටවැසියන්ට සෙත් පතා පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා පසුදා ශතාධික මහ සඟරුවන වෙත සංඝගත දක්‍ෂිණාව පිරිනැමේ. එදින අභයදාන පින්කම, ආබාධිත රණවිරුවන් කීපදෙනෙකුට රෝද පුටු, කෘතිම පාද පිරිනැමීමද සිදු කෙරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.