Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨයේ දී ඉකුත් 27 වන දා පැවැති සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගැයීම් 2009 වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා දහම් පාසල් සිසු දරුවන් ඇමතූ අයුරු. ඡායාරූපය නිට්ටඹුව සමූහ, ජෙනට් ජයසිංහ

සීමා සහිත ගම්පහ සමූපකාර ආරෝග්‍යශාලා සමිතියට පරිත්‍යාග කිරීම සඳහා ගම්පහ ජාත්‍යන්තර සාම මහ විහාරාධිපති තලංගල්ලේ සෝමසිරි හිමියන් විසින් ජපානයෙන් ගෙන්වන ලද විශාල මුදලක් වටිනා නවීන වෛද්‍ය පහසුකම් වලින් යුත් ගිලන් රථය නිල වශයෙන් සීමා සහිත ගම්පහ සමූපකාර ආරෝග්‍යශාලාව වෙත භාරදීමේ උත්සවය පසුගියදා ගම්පහ සණස චතුරශ්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී තලංගල්ලේ සෝමසිරි හිමියන් එම අවස්ථාව සංකේතවත් කරමින් යතුරක අනුරුවක් අධ්‍යක්‍ෂ මණ්ඩල සභාපති සමරවීර දිසානායක මහතාට භාරදුන් අවස්ථාව දැක්වේ.

නැදගමුව ශ්‍රී නාගවනාරාම විහාරස්ථානයේ චෛත්‍යාරක්‍ෂක පවුර උපසේන සම්පාය මහතාගේ පවුලේ ඥාතීන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකර සඟ සතු කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගියදා එම විහාරස්ථ මළුවේ දී සිදු කැරිණි. නැදගමුවේ ශ්‍රී නාගවනාරාම විහාරාධිපති ශාස්ත්‍රවේදී දිවුලපිටියේ පඤ්ඤාසීහ නාහිමියන්ගේ උපදේශකත්වයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උප සංඥාලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත පූජ්‍ය හපුවලානේ සිරි සරණංකර හිමි අධ්‍යාපන අමාත්‍යාංශයේ පිිරිවෙන් උපදේශක අධ්‍යාපනවේදී නැදගමුවේ විජයමෛත්‍රී හිමි යන ස්වාමීන්වහන්සේලාගේ මූලිකත්වයෙන් ප්‍රදේශයේ තෛ‍්‍රනිකායික සඟරුවනේ සහභාගීත්වයෙන් එය පැවැත්විණි. නැදගමුවේ විජය මෛත්‍රී හිමි උපසේන සම්පාය සහ සෝමරතන යන මහත්වරු ද සේයාරුවේ වෙති. ඡායාරූපය - බර්ටි ලයනල්, උඩුගම්පොල

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.