Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

පිළියන්දල සිද්ධමුල්ල කුඩමාදුව පාර 252/ඒ අංකයේ පදිංචිය දරන ඒ.එල්.ඒ. සුගතදාස මහතා (52) දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන හෙයින් ඒ මහතාට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් ලබාගැනීමට අවශ්‍යව ඇතැයි කියයි. ලේක් හවුස් ආයතනයේ සේවයෙන් ඉවත් වූ අයෙක් වන ඔහු දෙදරු පියෙකු ද වේ. පරිත්‍යාගශීලී අයෙක් ඇත්නම් ඉහත ලිපිනයට හෝ 011 – 3151314 දුරකථන අංකයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු වෙතොත් දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


 

සඳලංකාව, 256 පදිංචි 39 වියැති කේ.එම්.ඒ. සුජීවනී රොසෙන්ටා මෙනවිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, “බී පොසිටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. ඇය සුවපත් කරගැනීම සඳහා “බී පොසිටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයකු වෙත් නම් 031 – 4923930, 031 – 5671539, 077 – 9147158 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.
ශල්‍ය කර්මය සඳහා විශාල මුදලක් වැයවන බැවින් පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා දංකොටුව මහජන බැංකු ශාඛාවේ 291 – 2 – 002 – 5 - 8564075 දරන ගිනුමක් ආරම්භ කර ඇති බවද කියයි.


කටාන කන්තෝරුවත්ත අංක 372 නිවසේ පදිංචි හංසනී වාසනා හඳුන්දේවගේ නැමැති තුන් හැවිරිදි දියණිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වී ඇත. “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් 0312241594 දුරකථන අංකය වෙත දන්වන්නැයි ඇයගේ දෙමව්පියෝ ඉල්ලීමක් කරති.


කිරුළපන, රොබට් ගුණවර්ධන මාවතේ අංක 73 නිවසේ පදිංචි 54 වියැති පී.එල්.එම්.පී. පෙරේරා නමැති අය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, ඒ පොසිටිව් වර්ගයේ ලේ ඇති අයකුගේ වකුගඩුවක් බද්ධ කළයුතුª යැයි වෛද්‍ය නිර්දේශය වේ. එම රෝගියා සුවපත් කර ගැනීම සඳහා ඒ පොසිටිව් වර්ගයේ ලේ ඇති වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියකු වෙතොත් ඉහත ලිපිනයට හෝ 011 - 5037944, 071 - 8739142 දුරකතන අංකයකට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.