UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයා රූපවාහිනියේ දෙවර්ෂ පූර්ණයෙන්...
 


බෞද්ධයා රූපවාහිනියේ දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් නිකුත් කරන ලද දහම් වැඩසටහන් ධර්ම දේශනා හා භාවනා වැඩසටහන්වල සී.ඩී. මුල් පිටපත් පසුගියදා අස්ගිරි මහානාහිමි නිල ආරාමයේදී කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා බෞද්ධයා රූපවාහිනියේ සභාපති දරණාගම කුසලධම්ම හිමියන් විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පිරිනැමූ අවස්ථාව. මෙම අවස්ථාවට අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියන් හා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතාද සහභාගි වූ අයුරු පින්තූරයේ දැක්වේ.


බෞද්ධයා රූපවාහිනියේ දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් විකාශය කරන ලද සද්ධර්ම වර්ෂා දහම් වැඩසටහනේ හා ධර්මදේශනා හා භාවනා වැඩසටහන් සී.ඩී. තැටිවලට නැගීමෙන් අනතුරුව එහි මුල් පිටපත් මහාවිහාර වංශික සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන්ට පිළිගැන්වූ අවස්ථාව. එම සී.ඩී. තැටි මල්වතු මහා විහාරයේදී මල්වතු මහානාහිමියන් වෙත බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ සභාපති හා කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන් හා බෞද්ධයා නාලිකාවේ සාමාන්‍යාධිකාරි වෝල්ටර් පෙරේරා මහතා අතින් පිළිගැන්වූ අයුරු පින්තූරයේ දැක්වේ.


 දරණාගම කුසලධම්ම හිමියන් විසින් පාසල් උපකරණ බෙදා දුන් අවස්ථාව.


බෞද්ධයා රූපවාහිනිය මගින් සෑම සතර පොහොය දිනකම විකාශය කැරෙන සද්ධර්ම වර්ෂා වැඩසටහන ඓතිහාසික සිද්ධස්ථානයක සිට පටිගත කැරෙයි. එයට සමගාමීව මරණයට කැපවූ ගවයන් නිදහස් කිරීම හා පාසල් දරුවන්ට පාසල් උපකරණ බෙදාදීමක්ද සිදුකරනු ලැබේ. මෙවර, එනම් ඉකුත් 20 වන දින එය සිදුකරනු ලැබුවේ තන්තිරිමලය අශෝක මහා විද්‍යාලයේදීය. එහිදී සිදු කැරුණු අභයදාන පින්කමේ අවස්ථාවක්.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 4 ට ලබයි.
01 වන දා සිකුරාදා පූර්ව භාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දා ය.
 මීළඟ පෝය ජනවාරි 07 වනදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]