UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

පොළොන්නරුව 22 ජයන්ති පුර, සමිති ශාලාව පාර පදිංචි 53 වියැති ජේ.අයි. ජී. ධනපාල ජයවීර මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා “ඒ, බී පොසිටිව්”, “ඕ පොසිටිව්, ඕ නෙගටිව්” වර්ගයේ ලේ ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ.

එම නිසා ඒ, බී, පොසිටිව්, ඕ පොසිටිව්, ඕ නෙගටිව් වර්ගයේ ලේ ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙත් නම් 027 –3273109 හෝ, 071 – 3489039 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස රෝගියාගේ භාර්යාව වන එස්.කේ. කුසුමාවතී මහත්මිය ඉල්ලීමක් කරන්නීය.


මාවනැල්ල, ඉලුක්ගොඩ, දෙනියගෙදර පදිංචි 36 වියැති බී.ආර්.එස්. බාලසූරිය මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, “ ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිගමනය වේ.

ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලීයකු වෙත් නම් 071 – 8119638, 071 – 8895161 දුරකථන අංකයකට දැනුම් දෙන ලෙස රෝගියාගේ භාර්යාව ඉල්ලීමක් කරයි.


 

කැලණිය පොල්හේනේ පදිංචි ගුණසිරි රාමනායක මහතාගේ වකුගඩු වල ඇති ආබාධයක් නිසා “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු දන්වා ඇතැයි කියති. එබැවින් ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබා දීමට හැකි අයෙකු වෙතොත් 2919847 හෝ 0779727929, 071 2075475 යන අංක වලට දන්වන ලෙස ඉල්ලීමක් කැරේ.


 

මතුගම, පාන්තිය ප්‍රදේශයේ වෙසෙන තිදරු මවක් වන බී.වී.කල්‍යානි පුෂ්පලතා මහත්මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව කොළඹ, ජාතික රෝහලේ වෛද්‍යවරු පවසා ඇත. මේ වන විට ඇයගේ රෝගී තත්ත්වය උත්සන්නව ඇති හෙයින් ඊට වහා වකුගඩු සැත්කමක් කිරීමට අවශ්‍ය බව ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යතුමා නිර්දේශ කර ඇති බව කියයි.

ඒ සඳහා ඇයට සුදුසු “බී පොසිටිව්” වර්ගයේ හෝ ඊට ගැලපෙන නිරෝගී වකුගඩුවක් පරිත්‍යාගශීලියකුගෙන් ලබා ගැනීම මෙහිදී ඇය මුහුණ පා ඇති බරපතල ගැටලුවයි. එම නිසා නිරෝගී වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැත්තක් දක්වන පැවිදි හෝ ගිහි පින්වතුන්ගේ අවධානය මේ සඳහා යොමු වෙතැයි අපේක්ෂා කෙරේ.

ඉතා ඉක්මනින් මෙවැනි සැත්කමක් සඳහා වැය වන මුදල දරාගත නොහැකි ඇයගේ පවුලේ අය මෙම සැත්කම සහ එන්නත්, ඖෂධ ආදිය සඳහා අවශ්‍ය මුදල සොයාගැනීමට ද මහත් වෙහෙසක් දරයි. හැකි ඉක්මණින් මෙම මුදල සොයා ගත යුතුව ඇති අතර ඊට ද උපකාර විය හැකි මහත්ම මහත්මීන් වෙතොත් ඔවුන්ගේ දායකත්වය පතන ඇය සහ ඇයගේ සැමියා ඇතුළු දරුවන් තිදෙනා ඒ සඳහා කැමැති අයට පහත ගිණුම් අංකවලට ආධාර උපකාර කළ හැකි බව පවසයි. වැඩි විස්තර සඳහා පරිත්‍යාගශීලින්ට පහත දුරකථන අංකවලට ඇමතිය හැකි අතර කරුණාකර වංක සිතින් ඇමතුම් දී ව්‍යසනයට පත්වූ ඔවුන් අපහසුතාවට පත් නොකරන ලෙස ද ඉල්ලීමක් කැරේ. වැඩි විස්තර, 0714 912 002 සහ 034 22 49811 යන දුරකථන අංකවලින් විමසිය හැකිය. පරිත්‍යාග කළ හැකි ගිණුම් අංක: ලංකා බැංකුම (මතුගම ශාඛාව) 9845362 සහ ඉතිරි කිරීමේ බැංකුව (මතුගම ශාඛාව) 1-0045-01-1706-4 වේ.


 

ප්‍රවීණ වේෂ නිරූපණ ශිල්පියෙකු වන රංජිත් මතඟවීර මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව කියයි. ඔහුට “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” රුධිර කාණ්ඩයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය විශේෂඥ නිර්දේශය වී ඇත.

වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියකුට පන්නිපිටිය හෝකන්දර පාරේ දෙල්ගහවත්ත අංක 1438/1 ලිපිනයේ පදිංචි ඔහුගේ 0112849834 හෝ 0774989225 යන දුරකථන අංක වලට අමතන වෙන් ඉල්ලීමක් කැරේ.

 

 


 

මහනුවර කටුගස්තොට, ගලගෙදර පාරේ අංක 185/18 නිවසේ පදිංචි නිලූෂා චාමරී සෙල්ලහේවා තරුණිය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි.

ඇය දැනට මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලබන හෙයින් “ඒ” පොසිටිව් හෝ “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව එම රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත.

මේ සඳහා පරිත්‍යාගශීලී පින්වතෙකු වෙතොත් එම ලිපිනයට හෝ දුරකථන අංක 0814476984, 077 2654752 හෝ 0718241173 වෙත දන්වන මෙන් ඉල්ලීමක් කැරේ.


 

ටී.ඒ. ජපාරි මහතා හට (64) වකුගඩුවක් බද්ධ කලයුතුයැයි විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. එබැවින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි පිංවතෙක් හෝ හිමිනමක් වෙතොත් 2848407 ට හෝ 0716032337 අමතන ලෙස ඉල්ලීමක් කැරේ.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 4 ට ලබයි.
01 වන දා සිකුරාදා පූර්ව භාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දා ය.
 මීළඟ පෝය ජනවාරි 07 වනදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]