UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දුරුතු පෝදා පින්කම්

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී දෙසැම්බර් 31 වන දාට යෙදෙන දුරුතු පුර පසළොස්වක පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය.

එදින පෙරවරු 6 – 7 අනුශාසනාව හා භාවනාව මහරගම මහින්ද හිමි 7 – 8 ආහාර බුද්ධ පූජාව 8 – 9 දහම් දෙසුම කහපත්විලගම සුසීම හිමි 9 – 10 රූපවාහිනී දම් දෙසුම 10- 11 ආරාධිත දේශනය ශාන්ත ජෝතිවංශ මහතා 11 දවල් බුද්ධ පූජාව පස්වරු 12.30 – 1 පිරිත් සජ්ඣායනය 1 – 2.30 භාවනාව ගාමිණී පි‍්‍රයන්ත මහතා 3 – 4 ධම්මපද විවරණය චන්ද්‍රසෝම ගමගේ මහතා සහ විශාරද දමයන්ති ජයසූරිය මහත්මිය 4 –5 දහම් දෙසුම තලල්ලේ චන්දකිත්ති හිමි, 5.30 බුද්ධ වන්දනාව.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පෝදා වැඩසටහන මෙසේ ය. පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හිඟුරක්ගොඩ විභාවි හිමි, 8 – 9 භාවනාව, මැණික් බෝවේ දීපාලෝක හිමි, 9 – 10 ධර්ම දේශනාව, බොරැල්ලේ අතුලදස්සන විහාරාධිපති බොරැල්ලේ අතුල නාහිමි, 10 – 11 අභිධර්ම කතාව, පියදාස මුතුගම මහතා, 11 – 11.15 බුද්ධ පූජාව උඩුදෙනියේ විජිතවංශ හිමියන් සුල්තානාගොඩ සුමේධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 01 පිරිත් හා තෙරුවන් ගුණ රොටුඹ නාරද හිමියන් සහ බංගලදේශයේ සුමනවංශ හිමි, 01 – 02 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02 – 03 ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, 03 – 04 විශේෂ අනුශාසනාව වැලිගම ඥාණරතන මහා නාහිමි, 04.15 – 05 ධර්ම දේශනාව ලග්ගල අසම හිමි, 05 – 06 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 06.00 – 06.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ දී දුරුතු පුර පසළොස්වක පොහෝ දා විහාරාධිපති සල්පිටි හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ සංවිධායකත්වයෙන් පින්කම් මාලාවක් පැවැත්වේ. එදින පෙරවරු 06.00 – 6.30 සීල සමාදාන හා කෙටි අනුශසනාව මෙහෙයවීම විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම රජවත්තේ වප්ජි හිමි. 10.15 – 11.00 ආහාර සම්බුද්ධ පූජාව තලල්ලේ මහින්ද නාහිමි. ආරාමයේ අභිනවයෙන් ගොඩ නඟා ඇති ධාතු මන්දිරය සහිත දර්ශනීය මන්දිරය එදින ප.ව. භාගයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ සුරතින් විවෘත වීමට නියමිතව ඇති අතර බෝධීන් වහන්සේ උදෙසා ගොඩනඟා ඇති රන්වැට සහිත අටවිසි බෝධි ප්‍රාකාරය එතුමා විසින් නිල වශයෙන් විවෘත වේ.

පස්වරු 4 සිට පස්වරු 6 දක්වා දහම් හමුව පැවැත්වෙන අතර, එය නිමාවීමෙන් අනතුරුව එදින පැවැත්වෙන මුල්ම අටවිසි බුද්ධ පූජා සහිත බෝධි පූජා පින්කම පස්වරු 6.30 ට පමණ ආරම්භ වීමට නියමිතව ඇත. අටවිසි බුද්ධ පූජා සහිත බෝධි පූජාමය පින්කම නිමාවීමෙන් අනතුරුව රාත්‍රී 8 සිට 9 දක්වා විශේෂ ධර්මදේශනාව සල්පිටිහේවාගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක බොරැල්ලේ අතුල නාහිමියන් විසින් පවත්වනු ලැබේ.


ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී සිළුමිණි විහාරය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහා නා හිමිපාණන්ගේ හා ශ්‍රී සිළුමිණි විහාරාධිපති මහමෙවුනාවේ මංගල ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී සමාධි උපස්ථාන සභාව සංවිධානය කරනු ලබන දෙසැම්බර් මස 31 වන දින පෝදා සීල භාවනා වැඩසටහන මෙසේ ය.

05.30 – 06.00 සීල සමාදානය අග්ග මහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සරාභිධාන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක මාහිමි, 05.30 – 6.00 ශ්‍රී දළදා පූජාව වැලිමඩ ධම්මික හිමි, 06.45 – 07.30 අනුශාසනාව හා භාවනාව මෙහෙයවීම මහමෙවුනාවේ මංගල හිමි, 08.30 – 10.30 භාවනා වැඩසටහන පාතේගම ඤාණතිලක හිමි, 10.30 – 11.00 දවල් බුද්ධ පූජාව මෙහෙයවීම දෙහිඅත්තකන්ඩියේ වප්ප හිමි, පස්වරු 12.30 – 01 සෙත් පිරිත් දේශනය හාළි ඇල භද්දිය හිමි, 01 – 03 සූත්‍ර දේශනාව මහමෙවුනාවේ මංගල හිමි, 03.30 – 05 අභිනවබෝධි ප්‍රාකාරය විවෘත කිරීම හා දහම් කැඩපත ධර්ම ග්‍රන්ථය එළි දැක්වීම, 05 – 06 නව වසරට සෙත් පැතීමේ බෝධි පූජාව හාලි ඇල අස්සජි හිමි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයේ දී දුරුතු පුන් පොහෝ දින අලුයම 05.30ට ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවන්ද එදින පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල භාවනා ධර්ම දේශනා වැඩසටහන් ද පැවැත්වේ.

පෙරවරු 8.00 – 11.00 කොටගොඩ සුධීර හිමියන් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 11.00 දවල් බුද්ධ පූජාවද පස්වරු 12.30 – 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනයද 1.00 – 3.00 වැල්ලම්පිටියේ විනයවංශ හිමියන් මෙහෙයවන භාවනා වැඩසටහන සහ ධර්ම දේශනයද 3 – 5.00 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා මෙහෙය වන ධර්ම සාකච්ඡාවද 5.00 – 5.30 තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ. සවස 6.00 ට ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ. උදාවන 2010 නව වසර සඳහා සෙත්පැතීමට රාත්‍රි 9.00 සිට පහන්වන තුරු සංඝමිත්තාරාමවාසී දසසිල් මෑණියන් වහන්සේලා විසින් පිරිත් සජ්ඣායනයක් ද විශේෂයෙන් සැකසු ක්ෂිරපායස අටවිසි බුද්ධ පූජාවක් ජනවාරි 01 වන දින අලුයම 05.30 මොරවක ශාන්ත හිමියන් විසින් ද පවත්වනු ලැබේ.


කොම්පෙයාහේන


හෝමාගම පනාගොඩ කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේ දුරුතු මස පුර පසළොස්වක පොහොය දින පවත්වනු ලබන ආගමික වැඩසටහන මෙසේය.
පෝදා පෙරවරු 6.15 - 7.00 සිල්සමාදන් කිරීම, බුද්ධ වන්දනාව , කළුතර සරද හිමි, 8.00 - 9.45 - භාවනාව , සරත් ගල්ගමුව මහතා , 10 -11 - ධර්මදේශනය ලෙනදොර සුධම්ම හිමි, 11 - බුද්ධ වන්දනාව
පස්වරු 1 - 2 -පිරිත් ධර්ම දේශනා කිරීම /දායක සභාරැස්වීම , 2- 3- ධර්මදේශනය : ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යානාංශයේ බාහිර කථිකාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී කුඩාකත්නෝරුවේ විනීත හිමි, 3.15 - 4.15 - ධර්මදේශනය, හෝමාගම හබරකඩ ධර්ම විජයාශ්‍රමයේ විහාරාධිපති ශාස්ත්‍රපති දිවිතුරේ පඤ්ඤාකිත්ති හිමි, 4.15 - 5.15 - ධර්මදේශනය කිවුලේකඩ ධම්මරක්ඛිත හිමි, 5.30 - 6.30 - බෝධි පූජාව සහ සිල්පවාරණය

 

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 4 ට ලබයි.
01 වන දා සිකුරාදා පූර්ව භාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දා ය.
 මීළඟ පෝය ජනවාරි 07 වනදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]