UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අමුණුගොඩ කුඩුමිරිසේ සිරිපැරකුම්බා රජ මහා විහාරයේ වාර්ෂික පින්කම

ගම්පහ, අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජ මහා විහාරස්ථානයේ 58 වන වාර්ෂික පින්කම 2010 ජනවාරි වන දා පෙබරවාරි 03 දක්වා සිදු කැරේ.

විහාරාධිපති සියනෑ කෝරළයේ අධිකරණ, සංඝනායක අමුණුගොඩ සෝමානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී පරකන්දෙනියේ ධීරානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් සිදුවන මෙම පින්කම් මාලාව ජනවාරි 01 – 07 දක්වා අසූමහා ශ්‍රාවක පූජා ද, 08 – 29 දක්වා ධර්මදේශනාද 30 වනදා තිස්පැය හතේ පිරිත් දේශනාව ආරම්භ වන අතර පෙබරවාරි 02 සඟසතු දානය ද දේවදූත පෙරහරද එදිනම රාත්‍රී දොරකඩ අස්න ද පැවැත්වේ. පෙබරවාරි 03 රාත්‍රී අමුණුගොඩ දුරුතු මහා පෙරහර වීථි සංචාරය කෙරේ. ධර්මදේශනා පිළිවෙළින් මෙසේ ය.

ජනවාරි 08 වන දා ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි 9 බලගල්ලේ ධර්මසීහ හිමි, 10 දිවියාගහ යසස්සී නා හිමි, 11 මහාචාර්ය දෙවාලේගම මේධානන්ද හිමි 12, දරණාගම කුසලධම්ම හිමි 13, ඉඳුරාගාරේ ධම්මරතන හිමි 14, නෙළුවාකන්දේ ඤානානන්ද හිමි, 15 ඉගුරුවත්තේ පියනන්ද මහනාහිමි 16, වතුරුවිල සුජාත හිමි, 17 පදලංගල ධම්මදේව හිමි, 18, පිටිදූවේ ධම්මික හිමි, 19 මැදගොඩ අභයතිස්ස හිමි, 20 ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමි, 21, පිටිගල විජිත හිමි, 22 නැදගමුවේ විජය මෛත්‍රී හිමි, 23 බොරැල්ලේ අතුල නා හිමි, 24 අක්මීමන ධම්මපාල හිමි, 25 මාවරලේ භද්දිය, හිමි 26 සන්නස්ගල බුද්ධපි‍්‍රය හිමි, 27 මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි 28, උඩුවේ ධම්මාලෝක හිමි, 29 මල්වානේ චන්දරතන හිමි යන හිමිවරු ඒ ඒ දිනයන්හි දම් දෙසුම් පවත්වති.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 4 ට ලබයි.
01 වන දා සිකුරාදා පූර්ව භාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දා ය.
 මීළඟ පෝය ජනවාරි 07 වනදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]