UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ දී දුරුතු පෝදා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාල කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම, මල් පහන් කිරි ආහාර පූජාව ශබ්ද පූජා මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා ෂඩ් වර්ණයෙන් යුත් සාටකයක් පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

අනතුරුව භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ පැවැත්වේ. උදේ ධර්මදේශනාව කිරිවෙහෙර රාජමහා විහාරවාසී වරාපිටියේ රාහුල හිමියන් විසින් දුටුගැමුණු ධර්මශාලාවේ දී පැවැත්වේ. මහාඝෝෂපුර බෞද්ධ සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රජමහා විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් පවත්වා සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් ඇතුළු සැමට ඔසුපැන් පිළිගැන්වීම සිදු කෙරේ.

කිරිවෙහෙර රජ මහා විහාරයේ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ටඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කර අෂ්ඨඵල බෝධීන් වහන්සේ සුවඳ පැණින් නෑවීමෙන් පසුව බෝධි පූජාව පවත්වනු ලබන්නේ අෂ්ඨ ඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජ මහා විහාරවාසී පූජ්‍ය මිද්දෙණියේ උදිත හිමියන් විසින්. කිරිවෙහෙර 3වන මළුව අසල පහන් දස දහසක ආලෝක පූජාවක් පැවැත්වෙන අතර සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්මශාලාවේ පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව මෙම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 4 ට ලබයි.
01 වන දා සිකුරාදා පූර්ව භාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දා ය.
 මීළඟ පෝය ජනවාරි 07 වනදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]