Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඓතිහාසික පැල්මඩුලු පෙරහර

පැල්මඩුල්ල රාජමහා විහාරයේ ඓතිහාසික පැල්මඩුලු පෙරහර සඳහා මෙම මස 26 වනදා සුබ මොහොතින් සිව්මහා දේවාලයේ කප් සිටුවීම සිදු කැරිණි . 2010 ජනවාරි 01 වැනිදා අලුත් සහල් කිරිපිඬු පූජාවද, දින 14ක් බුද්ධ පූජා පින්කම් ද, පිරිත් දේශනා සහ දේව පූජා ද, ජනවාරි 14 වැනිදා දේවදූත පෙරහර සවස 4 ට ආරම්භ වේ. එදින රාත්‍රී දොරකඩ අස්න දේශනාව පැවැත්වේ.

2010 ජනවාරි 15 වැනිදා සවස 4 ට ශ්‍රාවක පූජා පෙරහර පැල්මඩුලු නගරයේ ගමන් කිරීම සිදුවේ.

(අසූමහා ශ්‍රාවක, අග්‍රශ්‍රාවක, මිහිදු මහ රහත් හිමි, ශ්‍රී සංඝමිත්තා තෙරණිය සිහි කිරීම පිණිස) තුණුරුවන් වැඩමවීම පිණිස සර්වඥ ධාතූන් වැඩම වීම හා බෝධීන් වහන්සේ වැඩමවීමත් සිහිකෙරේ.

ජනවාරි 16 වැනිදා තෙරුවන් මහ පෙරහර දේවාල රන්දෝලි ඇතිව විශේෂාංග රැසකින් යුක්තව වීථි සංචාරය කෙරේ.

2010 ජනවාරි 17 වැනිදා රද්දැල තොටේ දිය කපා දවල් ගරායක් ශාන්තිය හා දේවදානය සිදුකොට පින්කම නිම කිරීමට විහාර ආරක්ෂක සභාව හා පෙරහර කමිටුව තීරණය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.