Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කටුවස්ගොඩ දී තෙ සැත්තෑ ඤාණ මහා පූජා

වේයන්ගොඩ කටුවස්ගොඩ ශ්‍රී අරියනන්දනාරාම පුරාණ විහාරස්ථානයේ දෙසැම්බර් 31, ජනවාරි 01, 02, 03 යන දිනවල පින්කම් මාලාවක් පැවැත්වේ. 31 සවස 4.00 ට බෝධි පලඳනා පෙරහර හා බෝධීන් වහන්සේට සුවඳ මල් අතුරා පූජා දැක්වීම.

රාත්‍රී. 7.00 ට පහන් ආලෝක පූජාව හා පිරිත් දේශනයද ජනවාරි 01 සවස 07.00 ට අටවිසි බුද්ධ පූජාවද ජනවාරි 02 සවස 06.00 ට චෛත්‍යය වටා අටපිරිකර පූජා ද සිදු කරන තෙසැත්තෑඤාණ වන්දනාව හා චෛත්‍ය ආලෝක පූජාව ජනවාරි 03 අලුයම කිරි ආහාර පූජා කිරිමද දහවල් අර්ධශතාධික මහාසංඝරත්නය උදෙසා සඟසතු දානමය පින්කම ද විහාරාධිපති ශාස්ත්‍රපති මහගම, සීලනන්ද හිමිගේ අනුශාසනා පරිදි විහාරස්ථ පින්කම් කමිටුව සංවිධානයෙන් සිදු කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.