Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගුණ සමරුව කළුතර දී

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ 32 වන ගුණ සමරු පින්කම නිමිත්තෙන් දෙසැම්බර් 31 වන දා සහ ජනවාරි 1 සහ 2 දිනවලදී කළුතර බෝධි පරිශ්‍රය තුළදී පින්කම් මාලාවක් සිදු කැරේ.

දෙසැම්බර් 31 වන දා සර්ව රාත්‍රික පිරිත් දෙසුමද 1 වන දා පෙරවරු 06.30 කිරිපිඬු පූජාව ද අනතුරුව උදේ දානයද 2 වන දා පෙරවරු 9 ට කළුතර බෝධි පරිශ්‍රය තුළ පිහිටි ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ පිළිරුව අබියස පුෂ්පෝහාර දැක්වීමද සිදු කැරේ. ඊට අමතරව බලපිටිය නගරසභා පිටියේ ස්ථාපනය කර ඇති ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දක්වා පින් පැමිණවීමද සිදු කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.