Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර සෙත් පැතීමේ පින්කම

රටටත් -ජනතාවටත් මෙන්ම උදාවන නව වසරට සෙත්පතා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සෑම වසරක් අවසානයේ පැවැත්වෙන සර්වරාත්‍රික පිරිත් පින්කම මෙම 30 -31 යන දෙදින තුළ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල බිම් මහලේදී පැවැත්වේ.

සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය එම වාර්ෂික පින්කම සඳහා සහභාගි වනු ඇත. තිස්වෙනිදින (30) රාත්‍රි පිරිත් දේශනාව පවත්වා පසුදින (31) භික්‍ෂූන් වහන්සේ තිස්පස් (35) නමකට හීල් දානය පිළිගැන්වීමෙන් මෙම පින්කම නිමාකරනු ඇතැයි සහකාර දිසාපති ඩී.එම්. අබේරත්න මහතා කීය.

ආරම්භක දින පිරිත් දේශනාවට ප්‍රථම සධාතුක කරඬුව හා පිරුවානා පොත් වහන්සේ වැඩම කරවීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා සහ උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා අතින් සිදු කැරේ.

උතුරුමැද පළාත් ආණ්ඩුකාර කාර්යාලය ප්‍රධාන අමාත්‍යාංශය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රධාන ලේකම් කාර්යාල, අනුරාධපුර මහනගර සභාව, සමෘද්ධි කොමසාරිස් කාර්යාලය, ජල සම්පත් මණ්ඩලය , විදුලිබල මණ්ඩලය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය , පළාත් අමාත්‍යාංශ ටෙලිකොම් ආයතනය, රාජ්‍ය හා රාජ්‍ය නොවන බැංකු ඇතුළු සියලුම දෙපාර්තමේන්තු වල දායකත්වය එම වාර්ෂික පුණ්‍යෙීත්සවය සඳහා ලබාදෙනු ඇතැයි කමිටු සාමාජිකයකු කීය.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.