Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කනංකේ ශ්‍රී ඤාණාලෝක නා හිමි ගුණ සමරුවට පින්කම්

කනංකේ රාජමහා විහාරය, පැනෑටියන ශ්‍රී චේතියාරාමය, නිමලව ශ්‍රී විජයාරාමය යන විහාරයන්හි විහාරාධිපති ව හා රාජ මහා විහාර පරිවේණාධිපතිව වැඩ වෙසෙමින් ලෝ සසුන් දෙකට උදාරතර සේවාවක් සිදුකොට වසර 29 කට පෙර අපවත් වී වදාළ මාතර දිසාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත කනංකේ ශ්‍රී ඤාණාලෝක නා හිමියන් ප්‍රධාන විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ සෙසු ස්වාමීන් වහන්සේලාගේ හා මියගිය දායක දායිකාවන්ගේ ගුණ සැමරීමට හා රටට සාමය සෞභාග්‍යය ප්‍රාර්ථනා කිරීම සඳහා සංවිධානය කළ පින්කම් මාලාවක් මෙම 24 වන දින සිට ජනවාරි මස 01 වන දින දක්වා කනංකේ රාජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

විහාරාධිපති ශාස්ත්‍රපති කනංකේ විමලඤාණ හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ භික්‍ෂූන් වහන්සේලාගේ හා දායක දායිකාවන්ගේ සංවිධානයෙන් දිනපතා රාත්‍රී 07.00 ට අටවිසි බුද්ධ පූජාව සහිත බෝධි පූජාවන් ද 31 වන දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පවත්වා ජනවාරි මස 1 වන දින දවල් සංඝගත දක්‍ෂිණාවක් පූජා කිරීමට නියමිතය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.