Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර මහා විහාරයේ පෝදා වැඩසටහන

මහාවිහාර දුරුතු පෝදා වැඩසටහන මෙම 31 වන දා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහා විහාර සන්නිපාත ශාලාවේ දී අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ. ධර්ම දේශනා, භාවනා, ධර්ම සාකච්ඡා, බුද්ධ පූජා සහ බෝධි පූජා එම පින්කම් මාලාවට ඇතුළත් වේ.

පෝදා පෙරවරු 6 – 6.30 ජය සිරි මහ බෝසමිඳු අබියසදී සීල සමාදාන වැඩසටහන 6.30 – 7 බුද්ධ පූජාව 8 – 8.30 මහා විහාර සන්නිපාත ශාලාවේ දී අටමස්ථානාධිපති නා හිමියන්ගේ අනුශාසනය 8.30 –9.30 දහම් දෙසුම, 9.30 – 10 භාවනා, 10.30 ජයසිරි මහ බෝ සමිඳු අබියස බුද්ධ පූජාව, පස්වරු 12.30 – 2 ධර්ම සාකච්ඡාව 4 – 5 දහම් දෙසුම 5.15 – 6 භාවනා වැඩසටහන 6.30 – 7 බෝධි පූජාව, 7.30 – 8.30 දහම් දෙසුම 8.30 – 9.30 භාවනා වැඩසටහන 9.30 – 10 පිරිත් සජ්ඣායනය, පෝදා පසුදින පෙරවරු 5 – 5.30 භාවනා වැඩසටහනද 6 සිල් පවාරණය ද සිදු කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.