Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දවුල්දෙන ඤාණිස්සර මහ නා හිමියන්ගේ 95 වන ජන්ම දිනය සැමරේ

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමියන්ගේ 95 වන ජන්ම දිනය මෙම පුරපසළොස්වක පෝදාට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේ දී මහමෙවුනාවේ මංගල හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 31 වන දා සවස 3.30 ට අභිනව බෝධි ප්‍රාකාරය විවෘත කිරීම සහ මහාමෙවුනාවේ මංගල හිමියන් විසින් 2009 වස්සාන සමයේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ දේශනා කරන ලද පටිච්ච සමුප්පාද ධර්ම දේශනා මාලාව ඇසුරෙන් සම්පාදනය කරන ලද දහම් කැඩපත ධර්ම ග්‍රන්ථය එළිදැක්වීම ද සිදු කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.