Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණි රාජමහා විහාරයේ දිනපතා දම් දෙසුම්

ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරස්ථානයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් දිනපතා රාත්‍රී 7 ට ධර්ම දේශනා පින්කම් මාලාවක් පැවැත්වේ.

ඒ අනුව දම් දෙසුම් පවත්වන දේශකයන් වහන්සේලා මෙසේය. 31 දා පෙරවරු 9 ට ශාස්ත්‍රපති පිටපොල මෙත්තානන්ද හිමි , පස්වරු 3 ට රණස්ගල්ලේ ඤාණවිමල හිමි, රාත්‍රි 7 ට දොඩම්ගොඩ අස්සජි නාහිමි යන හිමිවරු දම් දෙසුම් පවත්වති. ජනවාරි 1 දා දර්ශනපති කොස්වත්තේ අරියවිමල හිමි, 2 දා අධ්‍යාපනවේදී නැදගමුවේ විජය මෛත්‍රී හිමි, 3 දා උඩුවේ ධම්මාලෝක හිමි, 4 දා බොරැල්ලේ අතුල නා හිමි, 5 දා මාවරලේ භද්දිය හිමි, 6 දා වතුරුවිල සුජාත හිමි යන හිමිවරු දම් දෙසුම් පවත්වති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.