Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සුගතාරාමයේ සති පිරිත් පින්කමක්

ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සඳහා අනුරාධපුර නගරයේ වාර්ෂිකව හයවන වරටත් පවත්වනු ලබන සති පිරිත් දේශනය සහ දොරකඩ අස්න දේශනා මහා පින්කම මෙම 27 වන දා රාත්‍රී 9 සිට ජනවාරි මස 3 වන දා පෙරවරු 6 දක්වා අනුරාධපුර පොදු වෙළඳ සැල අසල ශ්‍රී සුගතාරාමයේ දී පැවැත්වේ. දොරකඩ අස්න අනුශාසනාව ජනවාරි 2 වන දා රාත්‍රී 9 ට පැවැත්වෙන අතර ජනවාරි 3 වන දා අර්ධ ශතාධික සංඝගත දක්‍ෂිණාවක් පැවැත්වේ. ඇස්වත්තේ සුමනසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම සිදු කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.